24 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeක්‍රීඩා පුවත්20යි20යි ප්‍රදර්ශනාත්මක තරඟයට ක්‍රීඩකයින් නම් කෙරේ.

20යි20යි ප්‍රදර්ශනාත්මක තරඟයට ක්‍රීඩකයින් නම් කෙරේ.

ශ්‍රී ලංකා ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර පැවැත්වෙන  ප්‍රදර්ශනාත්මක 20යි 20  තරඟය සඳහා සහභාගී වන කණ්ඩායම් නම් කර තිබේ.

අදාළ කණ්ඩායම් පහත පරිදි වේ,

ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI  

සනත් ජයසූරිය (නායක)
අරවින්ද ද සිල්වා
හෂාන් තිලකරත්න (පුහුණුකරු සහ ක්‍රීඩක)
ෆර්වීස් මහරූෆ්
උපුල් චන්දන
උපුල් තරංග
නුවන් කුලසේකර
තිළිණ තුෂාර
ධම්මික ප්‍රසාද්
චාමර සිල්වා
මලින්ද වර්ණපුර
ඉන්දික ද සේරම්
ජෙහාන් මුබාරක්
සමන් ජයන්ත

ටීම් ශ්‍රී ලංකා

දසුන් ශානක (නායක)
කුසල් පෙරේරා
අවිෂ්ක ප්‍රනාන්දු
භානුක රාජපක්ෂ
ඉසුරු උදාන
රමේෂ් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
තිසර පෙරේරා
පැතුම් නිශ්ශංක
චාමික කරුණාරත්න
ලක්ෂාන් සඳකැන්
රොෂේන් සිල්වා
අසිත ප්‍රනාන්දු
විජයකාන්ත් වියස්කාන්ත්

කොවිඩ් 19 අරමුදලට ආධාර එක්රැස් කිරීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම තරඟය මැයි 4 වැනිදා පැවැත්වීමට නියමිතය.

එම තරඟය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.

තරඟය මැයි මස 4 වැනිදා රාත්‍රි 7ට ආරම්භ වන අතර එම තරඟය සජීවීව ලොව පුරා විකාශය කිරීමට සැලසුම් කර ඇති බවද ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments