23.1 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeදේශීය පුවත්කොවිඩ්ෂීල්ඩ් එන්නත නිපදවන සීරම් සමාගමේ ප්‍රධානියා ඉන්දියාව හැරයයි.

කොවිඩ්ෂීල්ඩ් එන්නත නිපදවන සීරම් සමාගමේ ප්‍රධානියා ඉන්දියාව හැරයයි.

ඉන්දියාවේ මේ වන විට ව්‍යප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදයන් හි විකෘති භාවයන් පෙන්නුම් කරන බවත් එය මිනිස් සිරුරේ ඇති ප්‍රතිශක්තිය අභිබවා යාමක් දක්නට ලැබෙන බව ඉන්දීය විද්‍යාඥයින් පවසනවා.

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ඉන්දීය රජයට උපදෙස් ලබාදීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව විසින් මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් කර සිටිනවා.

ඉන්දියාව තුල ගතවූ සති කිහිපය තුල සීඝ්‍ර ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමට ප්‍රධාන හේතුවක් වූ B.1.617 නම් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ ජෛව සාම්පල් නියැදි පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇත.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්ෂණ සිදුකරනු ලබන බවයි එම විද්වත් කමිටුවේ ප්‍රධානි ශාහිඩ් ජමිල් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටින්නේ.

මේ අතර ලොව විශාලතම එන්නත් නිපදවීමේ ආයතනය වන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටියුට් හි ප්‍රධාන විධායක නිලධාරී Adar Poonawalla ඉන්දියාවෙන් පිටත්ව එංගලන්තය බලා ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සිට මාධ්‍ය සමග සමමුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ කොවිඩ් මර්ධනය සඳහා යොදා ගනු ලබන කොවිශිල්ඩ් එන්නත ලබා දෙන ලෙස ඉල්ලමින් තමන්ට ඉන්දියාවේ දේශපාලඥයින් සහ බලවත් පුද්ගලයින්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බවයි.

ඒ අනුව කොවිශිල්ඩ් එන්නත නිපදවනු ලබන සීරම් ඉන්ස්ටියුට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ සියලු වගකීම් සියල්ලම තමන්ගේ උරහිස මතට වැටී තිබෙන බවයි.

එමෙන්ම ඇතිව තිබෙන තත්ත්වය සලකා බලා කොවිෂිල්ඩ් එන්නත ඉන්දියාවෙන් පිට වෙනත් ස්ථානයක නිපදවීමට තමන් පියවර ගන්නා බවයි Adar Poonawalla විසින් ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කර ඇත්තේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments