21.3 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්කැස්බෑවෙන් කොවිඩ් ආසාදිතයින් 700ක්.

කැස්බෑවෙන් කොවිඩ් ආසාදිතයින් 700ක්.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 700 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවේ, ඊයේ (01) දිනයේ නිකුත් වූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා 200කින් නව ආසාදිතයින් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 26යෙන්ම මේ වන විට ආසාදිතයින් වාර්තා වන අතර ගත වූ සතිය තුළ ආසාදිතයින්ගේ විශාල වර්ධනයක් පෙන්නුම් කළ බව ඇය කියා සිටියාය.

නිරෝධායනට ලක්කළ ස්ථාන හා නිවෙස්වලට සාපේක්ෂව නිරෝධායනයට ලක් නොවූ  පුද්ගලයින් හා ආයතන ආශ්‍රිතව සිදුකරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් වාර්තාවීමේ ප්‍රවණතාව සියයට  60ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments