ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වැනි දිනය නිමාවන විට සංචාරක කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලබා සිටී.
තරඟය ජයගැනීම සඳහා ලකුණු 437ක ඉලක්කයක් හඹා යෑමට බංග්ලාදේශ කණ්ඩායමට සිදුවී තිබේ.
බංග්ලාදේශ ඉනිමේ කඩුලු 05න් තුනක්ම රමේෂ් මෙන්ඩිස් විසින් දවාගත් අතර ප්‍රවීන් ජයවික්‍රම කඩුලු දෙකක් හිමිකර ගැනීමට සමත්විය.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්පිකර් රහිම් ලකුණු 40ක් ලබා ගත් අතර තමීම් ඉක්බාල් සහ සයිෆ් හසන් ලකුණූ 34 බැගින් ලබා ගත්තේය.
තරඟයේ ජයගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට තවත් ලකුණු 260ක් අවශ්‍ය වේ.
අද දිනය සඳහා තරඟය ආරම්භ කරනවිට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුලු 2ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛයාව 17කි.
දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 12ක් රැස් කරගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේය.
නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26 වැනි අර්ධ ශතකය සමඟින් ලකුණු 66ක් රැස්කර සිටියදී දැවී ගියේය.
ධනංජය ද සිල්වා ලකුණු 41කට දැවි ගිය අතර පැතුම් නිශ්ශංක රැස්කළ ලකුණු සංඛ්‍යාව 24කි.
ඉනිමේ 8වන කඩුල්ල ලෙස ලකුණු රමේෂ් මෙන්ඩිස් දැවී ගියේය.
ලකුණු 12ක් රැස්කරගෙන සිටියදී සුරංග ලක්මාල් දැවි යාමත් සමඟ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුළු 9ක් දැවි රැස්කළ ලකුනු සංඛයාව 194කි.