21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ප්‍රාන්ත මැතිවරණ කිහිපයකදී මෝදීගේ පක්ෂය පසුබෑමක.

ප්‍රාන්ත මැතිවරණ කිහිපයකදී මෝදීගේ පක්ෂය පසුබෑමක.

කොරෝනා වසංගත තත්ත්වයේ සීග්‍ර ව්‍යාප්තිය ද නොතකා, ඉකුත් දිනවල පැවැති ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිපල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා. එම ප්‍රතිපල අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත කිහිපයකදීම ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. බලය හිමිවේයැයි භාරතීය ජනතා පක්ෂය අපේක්ෂා කළ ප්‍රාන්ත කිහිපයකින් එම පක්ෂයට දරුණු පරාජයක් හිමිව ඇති බවත්, ජනතාව ප්‍රබල ලෙස මෝදි පාලනය ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් බලකොටු, මෝදි පාලනයෙන් ගිලිහෙමින් ඇති බවයි වාර්තා වන්නේ. 

ජය හිමිවේයැයි භාරතීය ජනතා පක්ෂය අපේක්ෂා කළ බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය හිමිව ඇත්තේ ටී එම් සී පක්ෂයටයි. එම පක්ෂයේ නායිකා මමාටා බැනර්ජි තෙවන වරටත් බටහිර බෙංගාලයේ බලය අත්පත් කර ගෙන සිටින අතර ඉන්දියාවේ සිටින එකම ප්‍රධාන අමාත්‍යවරිය ද ඇයයි. මෝදිගේ ප්‍රබල ප්‍රතිවිරුද්ධ මතධාරිනියක් වන මමාටා බැනර්ජි ලබා ඇති ප්‍රබල ජයග්‍රහණය තුලින් බටහිර බෙංගාල වැසියන් මෝදි පාලනය ප්‍රතික්ෂේප කර ඇති අයුරු මනාව නිරූපනය වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. 
බලාපොරොත්තු දල්වා සිටි පරිදි ඇසෑම් ප්‍රාන්තයේ බලය රැක ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව තිබෙනවා. කෙසේවෙතත්, ප්‍රධාන ප්‍රාන්ත කිහිපයකදී භාරතීය ජනතා පක්ෂයට මීට පෙර පැවැති ජනතා කැමැත්ත සහ විශ්වාසය පලුදු වී ඇති බවයි පෙන්නුම් කෙරෙන්නේ. 

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය අපොහොසත්වීම මෙලෙස එම පක්ෂයට තිබූ ජනතා බලය අහිමිවිමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙනවා. 

ඖෂධ හිගය, එන්නත් හිගය, ඔක්සිජන් හිගය හා රෝහල්වල පවතින අඩුපාඩු හේතුවෙන් ඉන්දීය වැසියන් දහස් ගණනක් මේවනවිටත් බරපතල අර්බුදයකට ලක්ව අවසන්. ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉන්දීය වැසියන් ප්‍රාන්ත මැතිවරණය හරහා මෝදි රජයට විරෝධය දැක්වූ බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. 

මේ අතර ගතවු පැය 24 දීද, ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ 70,000 ක් වාර්තා වනවා. එම කාලය තුලදී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,422 ක්. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments