පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය හා එළවළු වෙළෙඳ සංකීර්ණ තුළ අහඹු පී.සි.ආර්. පරීක්ෂණ සිදු කිරීමට ව්‍යාපාරික එකමුතුවේ ඉල්ලීමෙන් ආරම්භ කර තිබේ.
එළවලු මැනිං වෙළඳපොළේ ඉකුත් 03 මෙම පී.සි.ආර්. පරීක්ෂණ කිරීම ආරම්භවු අතර මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ ඊයේ (04) පී.සි.ආර්. පරීක්ෂණ කිරීම සිදුවිය.
වෙළෙඳාම් කටයුතු කරන පිරිසගෙන් සහ එළවළු හා මසුන් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් අතරින් අහඹු ලෙස තෝරාගත් පිරිස් සඳහා මෙම පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිරෝෂ් වික්‍රමසූරිය මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ……. ආසාදිතයින් වාර්තා වුවහොත් සුදුසු පියවරයන් ඉදිරියේදී තීරණය කරන බවය.
මෙරට දෙවන කොවිඩ් රැල්ලේදී පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් විශාල කොවිඩ් පොකුරක් නිර්මාණය වී එය රට පුරා ව්‍යාප්ත විය.