21.9 C
Sri Lanka
Wednesday, May 14, 2025
Homeක්‍රීඩා පුවත්අන්තර්ජාතික එක්දින පිටියේ අංක එකට නවසීලන්තය.

අන්තර්ජාතික එක්දින පිටියේ අංක එකට නවසීලන්තය.

ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව තිබේ.

මීට පෙර අංක එක ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම සිව්වන ස්ථානය දක්වා පහළ බැස ඇති බවය වාර්තා වේ.

2020 මැයි මාසය දක්වා වු තරග සැලකිල්ලට ගනිමින් ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබේ.

මීටපෙර සිව්වන ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාව දෙවන ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා පසුබැස ඇති බව වාර්තා වේ.

එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ 09වන ස්ථානයේය.

මේ අතර පන්දුවාර 20 -20 ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව ඇත.

ඉන්දියාව දෙවන ස්ථානයටත් නවසීලන්තය තුන්වන ස්ථානයටත් පසුවෙයි.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්ථානයේ පසුවෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments