19.9 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්රසායනික පොහොර භාවිතය නවත්වන්න නම් මැලේසියානු බීජ ආනයනය නතර කළ යුතුයි.

රසායනික පොහොර භාවිතය නවත්වන්න නම් මැලේසියානු බීජ ආනයනය නතර කළ යුතුයි.

රසායනික පොහොර භාවිතය අවසන් කිරීමට නම් මැලේසියානු බීජ ගෙන්වීම නවතා දමා දේශීය බීජ නිපදවීමක් යුතු බව සීමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.උපසේන මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ රසායනික පොහොර භාවිතය ආනයනය නතර කිරීමට රජය ගත් පියවර යහපත් වුණත් එය ක්‍රමානුකූලව සිදුවිය යුතු බවයි. ඒ අනුව මෙම ආනයනික බීජ නතර කොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උපයෝගි කරගෙන දෙමුහුන් හා දෙමුහුන් නොවන බීජ නිපදවීමට පියවර ගත යුතුයි. ඒ ආකාරයට දේශීය බීජ ව්‍යාප්තියක් කළ හැකිනම් රසායනික පොහොර භාවිතයෙන් දේශීය ගොවියා ගලවා ගත හැකි බවද ඒ මහතා පෙන්වාදෙයි.

ආනයනික බීජ සඳහා රසායනික පොහොර හා දියර අනිවාර්යෙන් අවශ්‍ය වෙන බව පෙන්වාදුන් ජාතික සංවිධායක වරයා ඒ නිසා වහාම දේශීය බිජ සංරක්ෂණය කරගත යුතු වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව කීවේය. එමෙන්ම පොහොර සහනාධාරය ඉවත් කළහොත් 60%කින් පමණ රසායනික පොහොර භාවිතය අඩුකර ගත හැකි යැයි පැවසු ඒ මහතා මෙම පොහොර සහනාධාරය නිසා කුඩා එළවළු බිම්වලට පවා අනවශ්‍ය ලෙස පොහොර යෙදීමක් සිදුවන බවද හෙතෙම කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments