21.4 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්උසස් පෙල ප්‍රතිඵල නිකුවේ. 65%ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබති.

උසස් පෙල ප්‍රතිඵල නිකුවේ. 65%ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබති.

2020 ඔක්තෝබර් මාසයේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කෙරිණි.

එම ප්‍රතිඵල අනූව විශේෂ දක්ෂතා දැක්වීමට සමත්වී ඇත්තේ පිට පළාත්වල සිසු සිසුවියන් බව පෙනී යයි.

අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන් සිසුවා සමත්වී ඇත.
කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි ට හිමිව තිබේ.

මේ අතර, වාණිජ අංශයෙන් දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක සිසුවිය සමත් වූවාය.

2020 උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 301,771ක් මුහුණ දුන් අතර ඉන් 194,297ක් විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට වරම් හිමිකරගෙන තිබේ.

එය 64.39%කි.

2020 අ.පො.ස. උසස් පෙළ දිවයිනේ ප්‍රථම ස්ථාන

  • ගණිත විෂය ධාරාව – ධනරාජ් සුන්දර්බවන්
    (චාවකච්චේරි හින්දු විද්‍යාලය – යාපනය)
  • කලා විෂය ධාරාව – චමල්කා සෙව්මිණි
    (ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය – දෙහිවල )
  • වාණිජ විෂය ධාරාව – අමන්දි මදනායක
    (සංඝමිත්තා බාලිකා විද්‍යාලය – ගාල්ල)
  • ජෛව පද්ධති තාක්ෂණ – සුසිකා සඳසරා
    (හොරණ තක්ෂිලා විද්‍යාලය)
  • ඉංජිනේරු තාක්ෂණ – අවිෂ්ක චානුක
    (හොරණ තක්ෂිලා විද්‍යාලය)

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පහසුකම් සපයන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments