22.4 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්දැඩි කොන්දේසී හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ.

දැඩි කොන්දේසී හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ.

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් වසා දමා ඇති දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ හෙට සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අලුයම පහේ සිට පස්වරු 5 දක්වා කාලය තුළයි. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබෙනවා.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාර භාරය සහ වෙළද සංගමය සමග දිස්ත්‍රික් කොවිඩ් පාලන කමිටුවේ නිලධාරීන් එම සාකච්ඡාවට එක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ එක් වෙළද සැල් පරිශ්‍රයක රැදී සිටිය හැකි උපරිම සංඛ්‍යාව සිව් දෙනෙකුට සීමා වනවා.

ඔවුන් සෑම දෙසතියකට වරක්ම පුද්ගලිකව පී සී ආර් පරීක්‍ෂණ වාර්තා යොමු කළ යුතු බවද එම සාකච්ඡාවේදී තීරණය වී ඇති

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments