25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ධම්මික පැණිය සායනික පරීක්ෂාවෙන් අසමත්වෙයි. ධම්මික වෙද මහතා එය පිළි නොගනී.

ධම්මික පැණිය සායනික පරීක්ෂාවෙන් අසමත්වෙයි. ධම්මික වෙද මහතා එය පිළි නොගනී.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ ධම්මික පැණිය සායනික පරීක්ෂණවලින් අසමත් වී තිබෙනවා. එම පැණිය කොරෝනා රෝගීන්ට කිසිඳු අයුරකින් ප්‍රතිකාරයක් නොවන බවයි සායනික පරීක්ෂණ සිදුකළ විශේෂඥ කමිටුව සඳහන් කළේ. 

ධම්මික පැණිය ඉකුත් සමයේ දැඩි කථාබහකට ලක්වූ අතර කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද එම පැණිය පානය කළා. කෙසේවෙතත් මේවනවිට එම පැණිය කොරෝනා ආසාදිතයින්ට කිසිඳු අයුරකින් ප්‍රතිකාරයක් නොවන බවයි සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ.

ධම්මික පැණිය අසාර්ථකත්වය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් සහ නෙත් නිවුස් තුළින් මීට පෙර අවස්ථා කිහිපයකදී අනාවරණ කෙරුණා. ඉන් අනතුරුවයි ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවදානය යොමුවුණේ. ධම්මික පැණිය සමාජගත කළ පාර්ශවයන් ජනතාව මුලා කරමින් සිදුකරන මෙම කූඨ ව්‍යාපාරය ගැන ජනතාව දැනුවත්ව සිටිය යුතුයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments