29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර වෙළඳපොළට අඩුනොකර ලබාදෙන්න. රාජ්‍ය ඇමැති ලසන්ත.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර වෙළඳපොළට අඩුනොකර ලබාදෙන්න. රාජ්‍ය ඇමැති ලසන්ත.

කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙදපොළට සැපයීම අඩු නොකරන ලෙස ගෑස් සමාගම්වලට පැහැදිළිව උපදෙස් දුන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන බවත් ගෑස් බෙදාහරින සමගාම්වල ප්‍රධානීන් කැඳවා කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි.

වෙළෙදපොලේ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් නිර්මාණය කරමින් මෑතකදී හදුන්වාදුන් ලීටර් 18 කින් යුත් ගෑස් සිලින්ඩර අළෙවි කරන බවට එල්ල වන චෝදනාව හමුවේ අමාත්‍යවරයා එසේ උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ගෑස් සැපයුම කරන සමාගම් දෙක මේ වන විට කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේම ලීටර් 18 යැයි සටහන් කර රුපියල් 100 ක් අඩු කර අළෙවි කරන බවත් එහිදී ගෑස් කිලෝ 10 කට අඩු සිලින්ඩරයක් අළෙවි කිරීම පාරිභෝගිකයා රැවටීමක් බවටත් චෝදනා එල්ල වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments