මෙරට කොවිඩ මරණය සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ(08) වාර්තාවු මරණ 22ත් සමගයි. ඒ අනුව එක්දිනක් තුල මෙරට වාර්තාවු කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාවුණා. මීට පෙර (07) කොවිඩ් මරණ 19ක් වාර්තාවුණා. එබැවින් ගතවු දින අට තුල කොවිඩ් මරණ 108ක් වාර්තවි තිබෙනවා.
ඊයේ වාර්තාවු මරණ විසිදෙක දිවයිනේ දිස්ත්‍රික්ක අටකින් වාර්තාවි තිබුණා. වැඩිම මරණ සංඛ්‍යාවවු 07 මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණා.ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 04ක් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් කළුතර , මොනරාගල හා කෑගල්ල යන දිස්ත්‍රික්ක වලින්ද එක් මරණය බැගින් වාර්තාවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ මරණ අතර පිරිමි පුද්ගලයින් දහසයක් හා කාන්තා මරණ හයක් තිබේ. මින් මරණ විස්සක්ම වයස අවුරුදු හැට ඉක්මවා තිබේ.