කොරෝනා වසංගතය මුළු ලෝකයම බිලිගත්ත වසංගතයක් නිසා මෙහිදි තර්ක විතර්ක කර කර සිටීමෙන් ඵලක් නැති බව ස.ජ
බ. මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මේකට දේශපාලන බෙදීමක්වත් පාටක්වත් අවශ්‍ය නැහැ. වෛරසය සමාජයෙන් ,රටෙන් තුරන් කරන්න අපේ සහයෝගය තිබෙනවා. දෙවන රැල්ල දැන් තුන්වන රැල්ලකටත් ඇවිත් දෙවන රැල්ලේ වාර්තා එළියට නාවත් යම් යම් නීතිරීති ලිහිල් කිරීම හා සෞඛ්‍ය අංශ උපදෙස් නොපිළිපදිමින් මෙම භයානක තත්ත්වයකට පැමිණ තිබෙන්නේ. මේ අවස්ථාවේදී ආණ්ඩුව කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවාගන්න සෑම උත්සහයකටම ක්‍රියාමාර්ගයකටම අපේ සම්පූර්ණ සහයෝගය තිබෙනවා.අපි අඩුපාඩු පෙන්වා දෙන්න අවශ්‍යයි. නැත්නම් මේ අරගෙන යන දේශපාල න්‍යාය පත්‍රය දෙස බලන විට අපිට පුළුවන් කමක් නැහැ මේවා කතා නොකර සිටින්න.