නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටිම් සිෆර්ට් හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවට පැමිණ සිටි ටිම් සිෆර්ට් නැවත නවසීලන්තය බලා යෑමට පෙර සිදුකළ PCRපරීක්ෂණය මගින් ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව ඔහු මේ වනවිට ඉන්දියාවේ දී නිරෝධායනයට යොමුව ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔහු නැවත වෛරස පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය.
කෙසේවෙතත් නවසීලන්තයේදී ද ඔහුට දින 14 ක කාලයක් නිරෝධායනය වීමට සිදුවන බව වාර්තා වේ.