29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්එක් දින කණ්ඩායමේ නායකත්වය හා උපනායකත්වය කුසල්ලා දෙන්නාට.

එක් දින කණ්ඩායමේ නායකත්වය හා උපනායකත්වය කුසල්ලා දෙන්නාට.

බංග්ලාදේශ එක්දින තරඟාවලිය සඳහා 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා සහ උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇති බව වාර්තා වේ.

අනුමැතිය සඳහා යොමුකළ එම සංචිතය සඳහා නව ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් වන බවත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු එම සංචිතයෙන් ඉවත් කර ඇති බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු නායකයින් වන දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් එම කණ්ඩායම සඳහා නම්කර නොමැති බවද වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments