21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ඉන්දියාවේ කොවිඩ් මරණ මිලියනය ඉක්මවයිද? විවිධ අනාවැකි

ඉන්දියාවේ කොවිඩ් මරණ මිලියනය ඉක්මවයිද? විවිධ අනාවැකි

මෙම වසරේ අගෝස්තු මාසය වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් හා ලෝක ප්‍රකට සගරාවක් පුරෝකථනය කරනවා. ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හා දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යන ආකාරය සැලකිල්ලට ගෙන එම සංඛ්‍යාව අනුමාන කළ හැකි බවයි අදාළ සගරාව වාර්තා කරන්නේ.  

ඉන්දියාව මේවනවිටත් දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තා කරන්නේ අගය අඩුවෙන් දක්වමින් බවට ද චෝදනා එල්ල වනවා. අප්‍රේල් මාසයේදී ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යන තෙක් එරට කාර්යය සාධක බලකාය මාස කිහිපයකින් රැස්ව නොමැති බවටයි මේවනවිට චෝදනා එල්ල වන්නේ. එබැවින් ඉන්දියාව වර්තමානයේ මුහුණ පා ඇති ව්‍යවසන තත්ත්වයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රධාන රජය වගකිව යුතු බවට ද වෛද්‍ය විශේෂඥයින් චෝදනා කරනවා.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය රට තුළ පැතිර යමින් ඇති බවට සෞඛ්‍ය අංශ කොතෙකුත් අනතුරු ඇගවීම් නිකුත් කළ ද සංචරණ සීමා හෝ පැනවීමට රජය කටයුතු නොකළ බවටයි වෛද්‍ය විශේෂඥයින් චෝදනා කර තිබුණේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments