22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වොෂින්ටන් විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් කර ඇති කරුණු රජය අවධානයට...

වොෂින්ටන් විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් කර ඇති කරුණු රජය අවධානයට ගත යුතුයි. එ.ජා.ප.ය

මේ අවස්ථාව වන විට සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් බරපතල ලෙස විඩාවටත් පීඩාවටත් පත් වෙලා සිටිනවා. ඒ අයට රටේ සමස්ථ පුරවැසියන්ගේ ගෞරවයත් ස්තූතියත් හිමි විය යුතුව තිබෙනවා. ප්‍රතිපත්තිවල තිබෙන අඩුපාඩුකම් නිසා අනාගතයේ ඔවුන්ට දොස් නගන්නට බැහැ. මේ ක්ෂේත්‍රයේ ඉන්න රාජ්‍ය නිලධාරින්ට දොස් නගන්නත් බැහැ. ප්‍රතිපත්ති සම්පාදකයා රජයයි. රජය මේ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, ලෝක විශේෂඥයන්ගේත්, දේශීය විශේෂඥයන්ගේත් අදහස් වලට ගරුකරමින් වැඩ කළ යුතුයි. එහෙම නොකළොත් මේ අවුරුද්දේ ජූලි, අගෝස්තු මාස වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය වැරදිකරුවන් වගේ පෙන්න පටන් ගනීවි. දැන්ම ඉඳලම කියන්නේ ඔවුනට දොස් නගන්න එපා. ඔවුන් මේ මොහොතේදී ඉතාම වෙහෙසකාරීව වැඩ කරගෙන යනවා.

විශේෂයෙන් පරිපාලන යාන්ත්‍රණයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛදවරුන්, වෛද්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු,එම කාර්යාලවල කාර්යය මණ්ඬලයන්, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්, කෘෂි පර්යේෂණ නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්,මහජන සෞඛ්‍යපරීක්ෂකවරුන් ඇතුළු සියලු ක්ෂේත්‍ර නිලධාරිනුත් මේ මොහොතේදී කොරෝනා ව්‍යසනය නිසා බරපතල පීඩාවකට පත්වෙමින් සිටිනවා. ක්ෂේත්‍ර නිලධාරින්ට හෝ ඒ අයගේ පවුල් වල අයටඑන්නත ලබා ගන්න බැරි වුනා. ඒ වගේම රජයේ වෛදරුවන්ට පමණක් එන්නත ලබා දීලා පලකුත් නෑ. ඔවුන්ගේ පවුල්වල අයටත් ලබා දිය යුතුයි.
ඒකෙන් පේනවා රජය නියමිත වේලාවට අදාල එන්නත් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බව. දැන් රජය කියනවා නම් තව මාස දෙකක් ඇතුලත එන්නත් ලබා දෙනවා කියලා එහෙනම් ජීවිත විසි තිස් දහසක් බිලි දෙන්නේ නැතිව රට ලොක් ඩවුන් කරලා එක එක පළාත් අනුව, දිස්ත්‍රික්ක අනුව හෝ මැතිවරණ කොට්ඨාස අනුව හෝ එන්නත් ලබා දිය යුතුයි.
එහෙම එන්නත් ලබා දෙන විට ඒ එන්නත් ලබා දෙන ප්රයදේශ විවෘත කරන්න පුලුවන්. රට ලොක් ඩවුන් කරන්න කියලා අපි කියන්නේ ජනතාවට අවශ්ය එන්නත් නැති නිසයි. ඒ නිසා රජයේ සේවකයන් සහ ක්ෂේත්රහයේ ඉන්න සියලුදෙනාම අනාරක්ෂිතව විශාල සේවයක් සිදු කරනවා. රාජ්යහ අංශයෙත් පෞද්ගලික අංශයෙත් එකලෙස සේවය කරනවා.
පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට ඉඩ ලබා දුන්නා නම් ඒ අය සල්ලි ගෙවලා තමන්ගේ සේවකයන්ටත් එන්නත් ලබා දෙනවා. ඒ එන්නත් වලට රජයෙන් බදු අය කළාම රටේ අහිංසක ජනතාවටත් එන්නත් ලබා දෙන්න පුලුවන්.

ඒ නිසයි අපි කියන්නේ රතන සූත්‍රය දේශනා කරලා රටට සෙත් පතන්න කියලා. රජය ස්වාමින්වහන්සේලාගෙන් ඉල්ලීම් කරනවා, එහෙත් රජය උන්වහන්සේලාගේ ආරක්ෂාව සඳහා අදාල එන්නත් ලබා දීම අද වෙනකල් සිදු කරලා නැහැ. ඒ නිසාඅනෙකුත් ආගමික නායකයින්ටත් ඒ ආරක්ෂාව ලැබුණේ නැහැ. ඒ වගේම පාසල් පද්ධතියේ ගුරුවර ගුරුවරියන්ට සහ ඒ ක්ෂේත්‍රයේ ඉන්න අයටත් ආරක්ෂාව ලැබුනේ නැහැ.
මේ ප්‍රශ්න කොහෙන් විසඳන්නද කියලා හිතාගන්න බැහැ. විශාල අවුලකට පත් කරලා තිබෙනවා. ඒ නිසා වහාම ඒ පිළිබඳ අවධානය යොමු කරලා රජය ක්‍රියා කළ යුතුයි. දැනටමත් රාජ්‍ය සෙවකයන් මිය ගොස් තිබෙනවා. සාමාන්යි ජනතාවත් විශාල වශයෙන් මියගොස් තිබෙනවා. තව තවත් මිය යමින් සිටිනවා. ආර්ථිකය කඩා වැටිලා. රස්සාවල් අහිමි වෙලා. ජීවත් වෙන්න විදියක් නෑ. කොරෝනයි පවුලේ ආර්ථික බර පැනයි සියල්ල එක පිට කඩා වැටිලා මහජනාව මේ මොහොතේ ගෙල ලගටම ගිලෙමින් ඉන්නවා.
ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයත් ඉදිරියෙන් මේ වසංගතය සමග සටන් කරන නිසා ඔවන්ගේ ජීවිත වලටත් අනතුරුදායකයි. මේවා පිළිබඳ ජාතිකකමිටුවෙන් මේ දක්වා ගත් තීරණ අසාර්ථක වූ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාළමාත්යි රනිල් වික්රීමසිංහ මහතා ප්රතකාශ කර සිටින්නේ වහාම මෙය සම්පූර්ණයෙන් ක්රි්යාත්මක කිරීමට කැබිනට් අවස්ථාව සලසන ලෙසයි.

එසේ ඒ පිළිබඳ අවධානය යොමු නොකළොත් බරපතල ඛේදවාචකයකට මුළු මහත් ශ්‍රී ලංකාවටම මුහුණ පෑමට සිදු වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද විමර්ෂණයකට අනුව දැනට ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බර් මස 01 වනදා වන විට කෝවිඩ් මරණ 20,800 දක්වා වර්ධනය විය හැකි බව සඳහන් කරයි.
එම විශේලේෂණය අනුව ඉදිරියේදී දිනකට මරණ 200-300ත් අතර දක්වා වැඩි විය හැකි බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.
කොරෝනා වසංගතය පාලනය කිරීමට පැහැදිළි විසඳුමක් ලබා නොදුනහොත් අපේ රටට මාරාන්තික තත්ත්වයක මුහුණ පෑමට සිදු වනු ඇත.
වොෂින්ටන් විශ්ව විද්‍යාලය ලොකයේ සෑම රටක් කෙරෙහිම කොරෝනා ව්‍යසනය බලපා ඇති ආකාරය පිළිබඳ නිරීක්ෂණය කර ඇති අතර එයින් ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් කර ඇති කරුණු පිළිබඳ රජය වහාම අවධානය යොමු කළ යුතු බවද සඳහන් කරමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments