ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායම ලබන ජූලි මස දිවයිනට පැමිණී නියමිත අතර එහිදී දෙරට අතර එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්විමට නියමිතයි. දෙරට අතර එක්දින තරග 3 පිළිවෙළින් ජූලි මස 13, 16 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විස්සයි විස්ස තරග 3 පිළිවෙළින් ජූලි මස 22, 24 සහ 27 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. තරග පැවැත්වෙන ක්‍රිඩාංගණ මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. මෙම තරගාවලිය සදහා ඉන්දිය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් එක් නොවන බවයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ. ඒ අනුව ශ්‍රී ලංකා තරග සංචාරය සදහා නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දීය යොවුන් කණ්ඩායමක් එක්වනු ඇති