29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මුතුරාජවෙල තෙත්බිම, වනරක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය.

මුතුරාජවෙල තෙත්බිම, වනරක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය.

මුතුරාජවෙල තෙත් භූමිය, වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින්. ඊයේ පැවැති කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අතර අමාත්‍ය විමල් වීරවංශ හැර සෙසු අමාත්‍යවරුන් සියලුදෙනාම ඊට එක්වුණා. 

ජාත්‍යන්තර වන අලි දිනය ලබන අගෝස්තු මාසයේදී මෙරටදී සැමරීම සඳහා වූ කැබිනට් යෝජනාවට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ විෂයභාර අමාත්‍ය  සී බී රත්නායක විසින්. ජාත්‍යන්තර වන අලි දිනයට සමගාමීව මෙරටදී ප්‍රදර්ශනයක් සංවිධාන කිරීමට ද එහිදී තීරණය කර තිබෙනවා. 

කෘෂි රසායන නිෂ්පාදන කිහිපයක් පමණක් ආනයනය කිරීමට රජය අවසර ලබා දී තිබෙනවා. ඒ, ආනයන අපනයන නීතී වලට අනුවයි. එම කෘෂි රසායන ආනයනය කිරීමට මැයි මස 06 වනදා සිට අවසර හිමි වන අතර ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේකයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා. අදාල චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී ගැසට් කිරීමට නියමිතයි.

කෘෂි රසායනික නිෂ්පාදන තහනම් කිරීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්වුණා. ඒ පිළිබඳ ඉකුත් දින කිහිපයේදීම දැඩි කතාබහක් මතුවූ අතර ගොවීන් ඉල්ලා සිටියේ කෘෂි රසායන භාවිතය තහනම් කරන්නේ නම්  ඒ සඳහා කඩිනම් ආදේශකයක් ලබාදෙන ලෙසයි. 

ගොවීන්ගේ එම ගැටළු සලකා බලමින් කෘෂි රසායනික නිෂ්පාදන කිහිපයක තහනම ඉවත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments