කෝවිඩ් වසංගතය ජාතික අර්බුදයකි. එබැවින් ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන සියලු දේශපාලන පක්ෂ ඇතුළත් සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් ඇති කරන ලෙස ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටීයි. .
කෝවිඩ් – 19 වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් තිබේ. දිනපතා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වසංගතයට ගොදුරු වන අතර දහස් සංඛ්‍යාත පිරිසක් ඉන් මිය යති.
ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඉතා උග්‍ර වෙමින් පවතින බවක් දැකිය හැක. ජාත්‍යන්තර පර්යේෂණ ආයතන මගින් කරනු ලැබ ඇති පුරෝකතනයන් අපගේ අවධානයට යොමුවියයුතුව ඇත.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය මුලින්ම ඇතිවූ අවස්ථාවේ එය සාර්ථක අන්දමින් මැඩ පැවැත්වූ නමුත්, දෙවන රැල්ල පාලනය කිරීම දුෂ්කර විය. තුන්වන රැල්ල සමස්ථ ශ්‍රීලංකාව පුරා පැතිර යමින් තිබෙන්නේ ඉතා ආක්‍රමණශීලී අයුරිනි. මේ නිසා දිවයින පුරාම ආසාධිත පුද්ගලයින් හමුවන අතර, විවිධ වයස්වලට අයත් හා වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින්ගේ ජීවිත පිළිබඳව දැඩි අවධානමක් මතුවී ඇත.
මෙම තත්ත්වයට මුහුණ දිය හැක්කේ කෙසේද යන්න අපේ සැලකිල්ලට යොමු විය. ජනාධිපතිතුමාගේ හා රජයේ නායකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආරක්ෂක අංශ හා පොලීසියේ මැදිහත්වීමෙන් සහ අනෙකුත් අදාල පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා තත්ත්වය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග අපි අගය කරමු. කෙසේ වූවද, පවතින තත්ත්වය හමුවේ ගත යුතුව ඇති තීරණාත්මක පියවර කිහිපයක් පෙන්වා දීමට හා එම යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටීමට මෙම ප්‍රකාශය සිදු කිරිමට තීරණය කළෙමු.
රටේ සමස්ථ ජනතාව නියෝජනය වන නායකත්වයකින් කොවිඩ් – 19 පාලන හා නිවාරණ කටයුතු සිදුවන බව රටට / ජනතාවට පෙනී යනු ඇත,කෝවිඩ් 19 පාලනය කිරීම සඳහා රටේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ පිළිබඳවජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙනු ඇත,කොවිඩ්-19 අර්බුදය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීමට ඇති අවස්ථාවන් ඇහිරී යනු ඇත,
කෝවිඩ් වසංගතයට දක්වන ජාතික ප්‍රතිචාරයට (National Response) මග පෙන්වීම සඳහා අදාළ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි (සෞඛ්‍ය අමාත්‍යාංශට අයත් හා ඉන් බැහැර අයගෙන් සමන්විත) ප්‍රධාන විශේෂඥ කොමිටියක් ඇති කරන ලෙස ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිගෙන් හා රජයෙන් ඉල්ලා සිටී.
ලෝකයේ සහ ලංකාවේ කෝවිඩ් 19 වසංගතය නිතිපතා අධ්‍යයනය කිරීම, ලංකාවේ එම වසංගතය නිවාරණය හා පාලනය කිරීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳව ජනාධිපති හා අගමැති ප්‍රමුඛ සර්වපාක්ෂික කොමිටියට උපදෙස් දීම, කෝවිඩ් – 19 වසංගතය සමඟ තව වසර ගණනාවක් අපට ජීවත් වන්නට සිදුවන බව පැහැදිලිය. එබැවින්, දීර්ඝ කාලයක් මෙවැනි වසංගතයකට ගොදුරු නොවී,ඒ සමඟ ජීවත්වීම සඳහා යහපත් සුවතා පුරුදු (මුහුණු ආවරණ පැළඳීම, සබන් යොදා දැත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථභාවය වැනි) පවත්වාගෙන යා යුතුව ඇත. වෙනත් වචනවලින් පවසන්නේ නම්, එවැනි චර්යාත්මක වෙනසකටයා යුතුව ඇත. මේ සඳහා දැනුම ලබා දීම පමණක් නොව, රෝගයෙන් වැළකී සිටිම සඳහා නිවාරණ උපකරණ (උදා – මුහුණු ආවරණ) පවා අවධානම අධික පුද්ගලයින්ට නොමිලයේම වුවද ලබා දිය යුතුව ඇත. නීතිමය බලාත්මක කිරීම්ද මේ සඳහා උපකාරී වනු ඇත.මෙම කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ. කෝවිඩ් 19 නිවාරණ වැඩ පිළිවෙල ප්‍රජාව විසින් ප්‍රජාව සඳහා ප්‍රජාව තුළ ගෙන යන ප්‍රජා මූල වැඩ සටහනක් බවට පත් කරන ලෙස අප රජයට යෝජනා කරමු.
නිශ්චිත පරිපාලන ප්‍රදේශ සඳහා සිවිල් හා ප්‍රජා නායකයින් ඇතුළත් කමිටු පිහිටුවා ගත හැක, අවදානම් කලාපවල සිවිල් සංවිධාන, ප්‍රජානායකයින් එක්-කෙරෙන ප්‍රජා-සහභාගීත්ව වැඩපිලිවෙලක් හරහා ජනතාව දැනුවත් කිරීම, අවශ්‍ය පිරිස්වලට මුහුණු ආවරණ නොමිලයේ ලබාදීම, ආහාර හිඟකම ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය සුබසාධන කටයුතු සඳහා උදව් වීම, ආසාදිත පිරිස් ඇතිවිට නිරෝධායන ක්‍රියාමාර්ග කරගෙනයාමට අදාළ නිලධාරීන්ට සහාය වීම වැනි,මෙවැනි වැඩපිලිවෙලකින් කොවිඩ් ජාතික ප්‍රතිචාරයට ජනතා බැඳීම ශක්තිමත් වනු ඇති අතර රෝගීන් ලෙස හඳුනා ගන්නා පිරිස් වෙත වහාම රෝහල් පහසුකම් සැපයීම දුශ්කර වෙමින් පවතින වත්මන් අවදියේ මෙවැනි ප්‍රවේශයක් ප්‍රයෝජනවත් වනු ඇත.
කොවිඩ්19ට එරෙහි එන්නත් මෙම වසංගතයට එරෙහි සටනේ ප්‍රධාන අවියකි,ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ජනහණයෙන් 20%කට එන්නත් ලබා දීමට එකඟ වි ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය සපයන්නට සූදානම් වන එන්නත් සංඛ්‍යාව හරහා අපට සාමූහික ප්‍රතිශක්තිය ගොඩ නගා ගැනීමට හැකියාවක් නැත.රට තුළ සාමූහික ප්‍රතිශක්ති (Herd Immunity) තත්ත්වය ඇති කර ගැනීම සඳහා අඩු තරමින් ජනගහණයෙන් 65%-70%ට මෙම එන්නත් ලබා දිය යුතුව ඇත.
එබැවින්, ඒ සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා ගැනීමට එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමඟ සෘජු සාකච්ඡාවකට එළඹ (චීනය, රුසියාව හා බටහිර රටවල සමාගම්) එකඟතා ඇති කර ගන්නා ලෙස අපි රජයට යෝජනා කරමු.
එන්නත්කරන වැඩසටහන වේගවත්ව මෙහෙයවීම අතිශයින්ම වැදගත් බැවින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලවලට අමතරව ත්‍රිවිධ හමුදා මෙන්ම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය ආයතන කාර්යමණ්ඩල පවා යොදවා ගතහැකිදැයි සොයා බලීමට අපි යෝජනා කරමු.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ ශ්‍රේණිවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් එකිනෙකා පරයමින් ප්‍රතිවිරුද්ධ අදහස් සමාජගත කිරීම නවතා එක් මධ්‍යස්ථානයක මෙහෙයවීමෙන් හා මනා සම්බන්ධීකරණයෙන් රටට තොරතුරු ලබාදීමට කටයුතු කරනමෙන් අපි රජයට යෝජනා කරමු.
සංචරන සීමා පැනවෙන ප්රදේශ තුළ ජීවත්වන පිරිස්වලට පමණක් නොව, අනෙකුත් ප්‍රදේශවලත් ආර්ථික දුශ්කරතා ඇති පිරිස් හඳුනාගෙන ප්රමාණවත් ආහාර මල්ලක් මාස්පතා හෝ ලබාදීමට කටයුතු කරනමෙන් අප දෙපක්ෂය රජයෙන් ඉල්ලා සිටී.