21.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොනිමි මෙහෙවරක් කරන රියැදුරු මහතුන්ට සෞඛ්‍ය ආරක්ෂක...

රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොනිමි මෙහෙවරක් කරන රියැදුරු මහතුන්ට සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබාදෙන්න. සමස්ත ලංකා රජයේ රියැදුරු සංගමය

පවතින කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය සේවයේ රියැදුරු මහතුන් රාජ්‍ය ආයතන බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා විශාල මෙහෙයක් කරන රියැදුරු මහතුන්ට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ හා ද්‍රව්‍ය ලබාදීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා , පළාත්සභා, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් යවමින් සමස්ත ලංකා රජයේ රියැදුරු සංගමය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන එම සංගමයේ ප්‍රධාන ලේකම් ජයතිලක පතිරණ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත කියා සිටියේ මෙම රියැදුරු මහතුන් වෙත මුහුණු ආවරණ, අත්සේදීම් දියර,සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබාදෙන්න පියවර ගන්න ලෙස ඉල්ලීමක් කළේය.

විශේෂයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සඳහා චක්‍රලේඛ නිකුත් කරමින් සේවකයින් පැමිණීම සීමා කළත් රියැදුරු මහත්වරුන් සීයයට සීයක්ම සේවාවල යෙදි සිටියි. ඒ අනුව වගකිව යුතු සංවිධානයක් ලෙස සමස්ත ලංකා රියැදුරු සංගමයේ අපි මේ වසංගත අවස්ථාවේදී රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස තම සාමාජිකත්වයෙන් ඉල්ලා සිටින අතර දැනුවත් කිරීම්ද ඒ පිළිබඳ සිදුකරන බවද ඒ මහතා කීවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments