පොහොර සැඟවීමේ ක්‍රියාවලියක් සිදුවෙන බැවින් පොදුවේ එවැනි ස්ථාන වටලන්න සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත උපදෙස් ලබාදී ඇතැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව විශේෂයෙන් නුවරඑළිය,අනුරාධපුර,පොළොන්නරුව,දඹුල්ල,,බදුල්ල හා අම්පාර ඇතුළු රටපුරා පොහොර සඟවා තිබෙන ස්ථාන සොයා වැටලීම් කිරීම දැන් ආරම්භ කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් කීවේය.