21.9 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්හතරලියද්දේ ප්‍රා.ලේ. නිරෝධායන නීති කඩ කරලා.

හතරලියද්දේ ප්‍රා.ලේ. නිරෝධායන නීති කඩ කරලා.

හතරලියද්ද ප්‍රාෙද්ශීය ලේකම්වරයා විසින් සිය කාර්යාලයේ සියලු සේවකයින් ඊයේ(12) සේවයට කැඳවා තිබෙද්දි එම කාර්යාලයට ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරෝධායන චක්‍ර ලේඛයට අනුව කටයුතු කරමින් සේවයට කැඳවා තිබුණු සේවකයින් පිරිසක් නිවෙස් බලා පිටත් කර ඇරියේය.

මේ සම්බන්ධයෙන් ‘ටොප් නිව්ස් එෂියා’ සිදුකළ විමසුමකදී අදහස් දැක්වු හතරලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජි.එස්.කේ.ගරුසිංහ මහතා මේ සම්බන්ධයෙන් තමන් වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරුන් සමග හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍රලේඛයට අනුව සේවක පිරිසක් තබාගෙන අනෙක් පිරිස නිවෙස් බලා පිටත් කළ බව කීවේය.

මෙහිදි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා කියා සිටියේ හතරලියද්දේ ප්‍රාදේශීය ලේකම් කේ.හේමන්ත කුමාර මහතා විසින් සංවර්ධන නිලධාරින් හා පුහුණුවන සංවර්ධන නිලධාරින් ඇතුළු සියලු සේවකයින් සෑම බදාදාම සේවයට කැඳවන බවයි. මේ පිළිබඳ රාජ්‍ය පරිපාලන ලේකම් ගෙන්ද විමසීමක්ද කිරීමේදි නිකුත් කර තිබෙන චක්‍රලේඛයට අනුව එසේ සේවයට කැඳවන්න නොහැකි බව පැවසු බව කීවේය. එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම්වරයාගේ නීති විරෝධි ක්‍රියාව සම්බෙන්ධයෙන් සංවර්ධන නිලධාරින්ගේ දැඩි විරෝධය පළ කර සිටින බවද හෙතෙම කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments