කලින් වෙනකරගෙන තිබෙන වේලාවන් අනුව ලබන සඳුදා(17) සිටසාමාජිකයින්ගේ කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වන කොමසාරිස්වරයා කියා සිටියේ කොපමණ ඉල්ලීම් කළත් ජනතාවගේ පැමිණීමේ අඩුවක් නොමැති නිසා එම තීරණය ගත් බවයි. කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශ ඊයේ(12) සහ අද (13) වසා තැබීමට පියවර ගත් බවද කීය.
කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණ ගෙන තිබේ.
ඒ අනුව දිස්ත්‍රික්ක කාර්යාලවල “සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ ගෙවීමේ ශාඛාව” පමණක් විවෘතව පවතින බවදඑහිදීද දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන සේවාලාභීන් සඳහා පමණක් සේවා සැපයීමට ක්‍රියා කරන බව ඒ මහතා කියා සිටියි.
තවද ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කාර්යාල මගින් සේවක අර්ථ සාධක අරමුදල් පුර්ව ප්‍රතිලාභ ගෙවීම් අංශයේ සේවාවන් ලබාදීම නැවත දැනුම්දෙනතුරු තාවකාලිකය අත්හිටුවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.