22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය සේවකයින්ට රුපියල් 25000ක අවධානම් දීමනාවක් දෙන්න.

සෞඛ්‍ය සේවකයින්ට රුපියල් 25000ක අවධානම් දීමනාවක් දෙන්න.

යුධ සමයේ මෙන් රුපියල් 25,000 ක හෝ අවදානම් දීමනාවක් සෞඛ්‍ය සේවයේ සහ කෝවිඩ් මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සියලු රාජ්‍ය නිලධාරින්ට වහාම ගෙවීමට කටයුතු කරන ලෙසට තමන් රජයට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

” අප යෝජනා කරනවා රජයට යුද්ධ කාලයේ ගෙව්වා වගේ රුපියල් 25,000 ක වත් අවදානම් දීමනාවක් සෞඛ්‍ය සේවයේ සහ කෝවිඩ් මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සියලු රාජ්‍ය නිලධාරින්ට වහාම ගෙවීමට කටයුතු කරන්න ඕන කියලා.

කොවිඩ් මර්ධනය වෙනුවෙන් ඉදිරි පෙළ සිට කටයුතු කරනු ලබන රාජ්‍ය සේවකයින්ට අවම වශයෙන් රුපියල් ලක්ෂ 50ක රක්ෂණ ආවරණයක් රජය මගින් ලබාදිය යුතු බවටද එතුමා යෝජනා කර සිටිනවා. යම් රාජ්‍ය සේවකයෙකු කෝවිඩ් නිසා මරණයට පත්වුව හොත් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම මගින් එම වන්දිය ගෙවිමට අවශ්‍ය කටයුතු සකස් කරන බවට සකස් කිරීම වැදගත්.

රාජ්‍ය සේවකයින් කෝවිඩ් නිසා මරණය පත් වීම දැනට එතරම් ඉහළ අගයක නොපැවතුනත් මෙය කෝවිඩ් සඳහා සක්‍රීය සේවයේ යෙදෙන රාජ්‍ය සේවකයින්ට විශාල අස්වැසිල්ලක් පිටුවහලක් වෙයි. එමගින් හෝ රජයේ සේවකයින්ට අවම වශයෙන් මාස තුනකට අවදානම් දීමනාව ලබා දී  ඔවුන්ට වඩාත් සක්‍රීය ලෙස සේවය කිරීමට ඔවුන් දිරිමත් කළ හැකියි.

ඊට අමතරව කෝවිඩ් සටනේ ඉදිරිපෙළින් සිටින අනෙක් හෙද හෙදියන්ටද මෙම අවදානම් දීමනාව ගෙවිය යුතුයි. රජය අපහසුතාවයට පත් කරන්න නෙමෙයි අප මේ යෝජනාව කරන්නේ. ඒ සඳහා ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩලය සහ සියලු දේශපාලන පක්ෂ සමග එකට වාඩි වී මෙම අරමුදල් සපයාගන්නේ කෙසේදැයි සාකච්ඡා කළ යුතුයි. 

එමෙන්ම මේ වෙලාවේ ගරුතර මහා සංඝරත්නයට ඇතුළු අනෙකුත් ආගමික නායකයන් සහ සියලු පාර්ශව වලට එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දෙන්න.” එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments