26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වෙසක් සැමරීම නිවෙස්වලට සීමා කරන්න. ත්‍රෛනිකායික මහානාහිමිවරු

වෙසක් සැමරීම නිවෙස්වලට සීමා කරන්න. ත්‍රෛනිකායික මහානාහිමිවරු

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පිංකම් තම නිවෙස්වලට පමණක් සීමාවෙමින් පවත්වන ලෙස තෛනිකායික මහනාහිමිවරු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමි, අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි හිමි සහ රාමඤ්ඤය නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමලාබිධාන හිමි යන තෛනිකායක මහනාහිමිවරුන් සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව දිවයිනේ සියලු විහාරස්ථානවල හා ඉන් පිටතදී ජනතාව එක්රැස්වන දාන සීල භාවනා, වෙසක් තොරණ ආදී කටයුතු සංවිධානය කිරිමෙන් වැළකී සිටින යුතු බව උන්වහන්සේලා පෙන්වා දෙති.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගතව තම තමන්ගේ නිවෙස් තුළම රැදී සිටිමින් ප්‍රතිපත්ති පූජාවන් හි නිරතවීම යෝග්‍ය බව තෛනිකායික මහනාහිමිවරු සඳහන් කරති.

මේ අතර කොවිඩ් -19 අවදානම හේතුවෙන් රාජ්‍ය වෙසක් උත්සවය සහ වෙසක් පෝයදින වැඩසටහන් අවලංගු කිරිමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments