22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්නිල්වලා,කළු හා ගිං ගංඟා අසල ජීවත්වන ජනතාවට නිවේදනයක්.

නිල්වලා,කළු හා ගිං ගංඟා අසල ජීවත්වන ජනතාවට නිවේදනයක්.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, එම ගංගා අවට පහත් බිම්වල ජීවත්වන ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද එම මධ්‍යස්ථානය දන්වයි.

මේ අතර අද (13) රාත්‍රියේ දිවයිනේ ස්ථාන කිහිපයකට මි.මී 200 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය සහ යාබඳ ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ හේතුවෙන් නිරිත දිග කොටසේ විශේෂයෙන් දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී.

අද උදෑසන 8.30 සිට ප.ව 4.30 දක්වා වු කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ මි.මී 190ක් ලෙසය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments