23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වරාය නගර කොමිෂන්සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන සතියේ.

වරාය නගර කොමිෂන්සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන සතියේ.

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) සවස පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එහිදී තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මැයි 19 සහ 20 යන දෙදින තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 

ඒ අනුව මැයි 19 වැනිදා පෙ.ව 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වාත් ඉහත විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. 

මැයි 19 සහ 20 යන දින දෙක තුළදී මන්ත්රීමවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකෙරෙන බවද මහලේකම්වරයා කීය.

ලබන සතියේ පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් දිනය වන මැයි 18 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී මුදල් පනත යටතේ රෙගුලාසියක්, මුදල් පනත යටතේ වන නියෝග 02ක්, වරාය සහ ගුවන්‍ තොටුපොළ සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් 08 ක්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් 02ක්, විදේශ විනිමය පනත යටතේ වන නියෝගයක් විවාදයට ගැනීමට නියමිතය.

එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් පසු පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා වෙන් කරන ලද බවද මහලේකම්වරයා පැවසීය.

එමෙන්ම එදින පාර්ලිමේන්තුව පස්වරු 4.30 ට කල්තැබීමෙන් පසුව පස්වරු 5.30 දක්වා සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදයක් පැවැත්වීමට නියමිතව ඇතැයිද දසනායක මහතා කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments