29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රුපියල් කෝටි 970ක දුම්වැටි රේගව අතට.

රුපියල් කෝටි 970ක දුම්වැටි රේගව අතට.

රුපියල් කෝටි 970 ක් වටිනා දුම්වැටි කෝටි 20ක් ” ශ්‍රී ලංකාවේ කලු තේ ” සහ ” ශ්‍රී ලංකාවේ කුළු බඩු ” ලෙස ප්‍රකාශ කරමින් ප්‍රති අපනයනය කිරීම සදහා කොළඹ වරායේ සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීමේ සහ පහසුකම් සැළසීමේ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙම දුම්වැටි තොගය බහාලුම් 21 ක අසුරා කොළඹ වරායට ගෙනැවිත් තිබුණේ නෙදර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය වැනි යුරෝපීය රටවලට ප්‍රති අපනයනය කිරීම සදහාය.

මෙම ක්‍රියාවලිය අන්තරාළ වෙළෙඳාම ලෙස හදුන්වන අතර ශ්‍රී ලංකාවේ සුප්‍රකට තේ අපනයනය කරන සමාගමක නමින් මෙම බහාලුම් ප්‍රති අපනයනය සදහා ඉදිරිපත් කර තිබුණා.

මෙසේ ශ්‍රී ලංකාවේ කළු තේ සහ ශ්‍රී ලංකාවේ කුළු බඩු ලෙස එම රටවලට මෙම දුම්වැටි බහාලුම් අපනයනය කිරීම නිසා ශ්‍රී ලංකාවේ කළු තේ සහ කුළු බඩු සදහා පවතින ජාත්‍යන්තර කීර්තිනාමයට බලවත් හානි සිදු වන බවයි රේගු දෙපාර්තමෙන්තුව සඳහන් කළේ.

එමෙන්ම මෙසේ වෙනත් රටවලට මෙම දුම්වැටි ව්‍යාජ අපනයනයන් ලෙස ඇතුළු කිරීම ජාත්‍යන්තර වශයෙන් සංවිධානාත්මක ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවක් ලෙස රේගුව සැක කරන අතර මෙම දුම්වැටි වලින් කොටසක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපළ තුළට ද මෙම ජාවාරම්කරුවන් විසින් යොමු කිරීමට ද පියවර ගෙන තිබිය හැකි බවට ද රේගුව වැඩිදුරටත් සැක පහළ කරයි.

එමෙන්ම මෙම බහාලුම් 21 ට අයත් නොවන තවත් බහාලුම් 12ක් මේ ආකාරයට බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය වෙත ද මේ වනවිට ප්‍රති අපනයනය කර ඇති බව ද රේගුව විසින් අනාවරණය කර ගෙන ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments