ජනමාධ්‍යවේදීන්ට කොවිඩ්19 හෙවත් නව කොරෝනා වෛරසය සඳහා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භකෙරේ.
ජනාමාධ්‍ය ඇමැති ,කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීමකට අනුව සෞඛ්‍ය ඇමැතිණි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් සියලු ජනමාධ්‍ය වේදීන් සඳහා එන්නත් ලබාදීම වැඩපිළිවෙල (14) ශ්‍රී ජයවර්ධන පුර රෝහලෙන් ආරම්භ විය. මෙම ආරම්භක අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ද සහභාගිවු අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත තිබෙන මාධ්‍ය ආයතනයෙන් ලබාදෙන ලැයිස්තු අනුව මෙම කොවිඩ් 19 සඳහා වන එන්නත ලබාදීම සිදුකෙරේ. මේ සඳහා එන්නත් තුන්දහසක් වෙන් කර තිබෙන බව පැවසේ.