21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්2021 මුල් මාසතුනේ ලංවීම පාඩුව රුපියල් කෝටි 892යි.

2021 මුල් මාසතුනේ ලංවීම පාඩුව රුපියල් කෝටි 892යි.

2021 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව වෙනුවෙන් වූ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ් අනුව අදාළ මූල්‍ය කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 8.92 ක හෙවත් රු. කෝටි 892 ක අලාභයක් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙහි ඇති සාධනීය කරුණ නම් 2020 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී රු. බිලියන 17.5 ක අලාභයක් ලංකා විදුලිබල මණ්ඩලයට විඳ දරා ගැනීමට සිදුව තිබුණු පසුබිමක ඒම අලාභය 49.01% කින් අඩු කර ගැනීමට මෙම කාර්තුවේ දී හැකියාව ලැබී තිබීමයි.

ප්‍රධාන වශයෙන් මණ්ඩලයේ ආදායමට වඩා විකුණුම් වියදම් ඉහළ අගයයක් ගැනීම මීට මූලික වශයෙන් හේතු වී තිබේ. 2021 මුල් කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රු. බිලියන 59.74 ක් වුවද විකුණුම් වියදම රු. බිලියන 66.15 ක් ලෙසින් වාර්තා වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින ලැයිස්තුගත ණයකර නිකුතුවක් සිදුකළ අතර ඊට අදාළව කාර්තුමය මූල්‍ය ප්‍රකාශන කොළඹ කොටස් ‌වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය වී තිබේ. ඒ අනුව 2021 මාර්තු 31 න් අවසන් කාර්තුව ට අදාළ අතුරු මූල්‍ය වාර්තාව මණ්ඩලය විසින් ඊයේ (12) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments