29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්බය නැතිව ක්‍රීඩකයින් ක්‍රීඩාකරන් ඉදිරිපත්විය යුතුයි. කුසල් ජනිත්

බය නැතිව ක්‍රීඩකයින් ක්‍රීඩාකරන් ඉදිරිපත්විය යුතුයි. කුසල් ජනිත්

එළැ‍ඹෙන බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්කළ කුසල් ජනිත් පෙරේරා අද (13) මාධ්‍ය හමුවකට එක්වෙමින් තම ඉදිරි සැලසුම් පිළිබඳ කරුණු අනාවරණ කළේය.

එහිදී ඔහු පැවසුවේ ස්ථාවර සංයුතියක් සහිත ශ්‍රී ලංකා කණ්ඩායමක් සමඟ තරග ජයග්‍රහණය කිරීමට “Fearless cricket” ක්‍රීඩා කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම සිය අරමුණ බවය.

ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 16 වනදා බංග්ලාදේශය බලා පිටත්වයාමට නියමිතය.

ප්‍රශ්නය – කුසල් පෞද්ගලිකව හිතනවාද සමස්තයක් විදියට මුළු ටීම් එකේම සහයෝගය මේ සංචාරයේදී තමන්ට ලැබෙයි කියලා?

කුසල් – අපි සෙල්ලම් කරන්නේ සහයෝගයෙන් හැම ටීම් එකකම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා අපි පුහුණුවීම් කරන විදිහට කිසිම ප්‍රශ්නයක් නැහැ දිමුත්ට වගේම හැමෝම මටත් උදව් කරයි කියලා හිතනවා

ප්‍රශ්නය – ඔබ කිව්වා මේ තරගාවලියේදී ඔයා තමයි කඩුලු රකින්නේ කියලා. කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලත් ඉන්නවා කඩුලු රකින්න. එයාගේ වගකීම මොකද්ද මේ තරගාවලියේදී?

කුසල් – ආරම්භක පිතිකරුවන් ලෙස ධනුෂ්ක මමත් ඉන්නවා. 2023 වෙනකන් සැලසුමක් තියෙන්න ඕන. ක්‍රීඩකයෝ මාරු කළොත් ටීම් එකක් හැදෙන්නේ නැහැ. දික්වැල්ලත් ඉන්නවා ලිස්ට් එකේ. එයත් පුහුණුවීම් කරගෙන යනවා. මම කඩුළු රකින්නේ. ටීම් එක සමබර කරන්නේ කොහොමද බලන්න. ටීම් එකේ තුන්ඉරියව් ක්‍රීඩකයෝම ගස්සන්න බැහැ. පිතිකරුවෝ සහ පන්දු යවන්නන් ගස්සන් ඕන. සෑමවිටම කණ්ඩායම සමබර කරන්න ඕන. ඒ මත මම ආරම්භ කරනවාද? නැද්ද බලනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments