පසුගිය සඳුදා සිට මේ දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 119 දෙනෙක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන් 31 දෙනෙක් ළමුන් බව වාර්තා වේ. එසේම 850කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
පලස්තීන සටන්කරුවන් එල්ල කළ රොකට් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල් වැසියන් 6 දෙනෙක් සහ ඉන්දීය වැසියෙක් ද මියගොස් තිබුණි.
ගැටුම් නවතා දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගෙන් ඉල්ලා ඇතත් ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ “ඊශ්‍රායෙල් රාජ්‍ය තුළ සන්සුන් බව” ඇතිවනතෙක් ප්‍රහාර එල්ලකරන බවය.