තරුණ හා ක්‍රීඩා අමාත්යංවශය IMI Games සහ SLTමොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්රඅථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය ආරම්භ වේ.
ශ්‍රීලාංකේය සයිබර් ක්රීැඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඔප්නැංවීම සහ සයිබර් ක්රීනඩා නිර්මාණය කිරීමට අවශ්යා තාක්ෂණික පසුබිම හා දායකත්වය ලබාදීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණයි.
තරගාවලිය ජයගන්නා 300 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලුම තෑගි සහ Data ලබාදීමට SLTමොබිටෙල් ආයතනය ඉදිරිපත්වී සිටියි.
ජාතික මට්ටමෙන් පැවැත්වෙන මෙම Hyper Casual – eSports තරගාවලිය අද සිට දින 02 ක් පුරා පැවැත්වෙන අතර ක්‍රඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා තරග 06 ක් ඔස්සේ මෙම තරගාවලියේ ඉදිරියට යාමට සිදුවනු ඇත.
අදාළ ක්‍රීඩා තරග අභියෝග 06 ඔස්සේ ඉදිරියට යන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසානයේ ජාතික ලකුණු පුවරුවට පැමිණීමේ අවස්ථාව උදාවන අතර එහිදී වැඩිම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ජාතික ශූරතාවයට උරුමකම් කීමේ හැකියාව උදාවනු ඇත.
Hyper Casual ක්‍රීඩාව මෙරටට හඳුන්වාදුන් IMI Games මෙම තරගාවලියේ සියලු තාක්ෂණික සහ සංවිධාන කටයුතු ඉටු කරන අතර මෙමගින් ශ්‍රී ලාංකේය සයිබර් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේ නවමු අත්දැකීමක් හිමිවනු ඇත.
වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක මිතුරු අවකාශයක් ඔස්සේ නවතම ඩිජිටල් ක්‍රීඩා අවකාශ හඳුන්වාදීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි මාසයේ දී සිදු වූ අතර අමාත්‍යවරයා මෙවැනි තරගාවලියක් සංවිධානය වීමේ වැදගත්කම එදිනම පෙන්වා දී තිබිණි.