21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්අමෙරිකානු ජනාධිපතිගෙන් ඊශ්‍රායෙල් හා පල්සීතින නායකයින්ට දුරකතන ඇමැතුම්.

අමෙරිකානු ජනාධිපතිගෙන් ඊශ්‍රායෙල් හා පල්සීතින නායකයින්ට දුරකතන ඇමැතුම්.

ගාසා තීරයේ ගැටුම් උත්සන්න වෙමින් ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපති ජෝ බයිඞ්න් ඊශ්‍රායල සහ පලස්තීන නායකයින් වෙත දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් වෙත දුරකතන ඇමතුමක් ලබාදුන් අමෙරිකානු ජනාධිපතිවරයා ගාසා තීරයේ හටගෙන ඇති ගැටලූකාරී තත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

ගාසා තීරයේ උත්සන්න වී ඇති ගැටුම් අවසන් කරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවද ඊශ්‍රායල  සහ පලස්තීන නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ සරණාගත කඳවුරක සිටි පුද්ගලයින් 10 දෙනෙකු මිය ගියා. පලස්තීන ගාසා තිරයේ පිහිටි මහල් 13 කින් යුත් ගොඩනැගිල්ලක් ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් විනාශ වී තිබෙනවා. එලෙස විනාශ වී ඇත්තේ අල්ජසීරා විදෙස් මාධ්‍ය ආයතනයට  අයත් කාර්යාලයක්.

ඊයේ දහවල් එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ හිමිකරු වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඊශ්‍රායෙල් බුද්ධි  අංශ විසින් එම ගොඩනැගිල්ලට හානිවිය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර තිබු බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. මෙම ගුවන් ප්‍රහාරයෙන් එම විදෙස් මාධ්‍ය ආයතනයේ කාර්යාලය පිහිටා තිබූ ගොඩනැගිල්ල විනාශ වුණා.  ගාසා තීරයේ මතුව ඇති ගැටුම්කාරී තත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද අද රැස්වීමට නියමිතව තිබෙනවා.         

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments