29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රෝහල්වල උපකරණ ගන්න ධනපතින්ගේ උදව් අවශ්‍යයි.

රෝහල්වල උපකරණ ගන්න ධනපතින්ගේ උදව් අවශ්‍යයි.

කොවිඩ් රෝගීන් සඳහා රෝහල්වලට අවශ්‍ය පහසුකම් සැපයීමට සහයෝගය දෙන්නැයි මෙරට ධනවතුන්ගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රෝහල්වල අඩුපාඩු පවතින බවය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ,

“අපි පුරෝකථනය කරලා තිබුණා මේ අලුත් තත්ත්වයත් එක්ක එන මරණ සංඛ්‍යාව වැඩි වෙයි කියලා. අපේ රටේ ධානපතියන්ගෙන් අපි ඉල්ලනවා මේ වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියලා. මොකද රෝහල් පද්ධතියට ඔක්සිජන් සපයගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම ICU ධාරිතාව වැඩි කරද්දි ඇතිවෙන උපකරණවල අවශ්‍යතා තිබෙනවා. ඒ නිසා අපි ධානපතියන්ගෙන් ඉල්ලන්නේ තමුන්ගේ ප්‍රදේශවල රෝහල් සමග එකතුවෙලා ඒ අවශ්‍ය කරන උපකරණ සඳහා පුංචි හෝ ආධාරයක් කරන ලෙසයි.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments