වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර
එල්ලවීමේ අවධානම ඉදිරි
දිනවලදීත් තිබෙන බව ශ්‍රී ලංකා
තොරතුරු තාක්ෂණ සංගමයේ
සභාපති රජීව් යසිරු කුරුවිටගේ
මැතිව් මහතා ප්‍රකාශ කරයි.
චීන තානාපති කාර්යාලයේ වෙබ්
අඩව්විය සමග ශ්‍රී ලංකාවේ වෙබ්
අඩවි කිහිපයක් ඊයේ උදෑසන
(18) සයිබර් ප්‍රහාරයකට මුහුණ
දී ඇත. අද උදෑසන සිදුවී ඇති
සයිබර් ප්‍රහාර මාලාව
Website
defacement නමින්
හදුන්වනු ලබේ. මෙම සයිබර්
ප්‍රහාරය 2014 වසරේ සිට ශ්‍රී
ලාංකික වෙබ් අඩවි ඉලක්ක
කොටගෙන සිදුවන සයිබර්
ප්‍රහාරයක් වේ. මෙම සයිබර් ප්‍රහාර
මාලාව සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා
තොරතුරු තාක්ෂණ සංගමය මීට
දින කිහිපයකට ප්‍රථම අනතුරු
ඇඟවීමක් කළේය.
පසුගිය වසර දෙකේදී මෙලෙසම
සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ චීන
තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය
මෙවරත් සයිබර් ප්‍රහාරයකට
ලක්වීම ශ්‍රී ලංකා රජය සයිබර්
ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු
කරනා ආකාරය විදහා දැක්වෙන
බව අප ශ්‍රී ලංකා තොරතුරු
තාක්ෂණ සංගමය පෙන්වා දෙන
අතර ඒ සම්බන්ධයෙන් අප දැඩි
කනගාටුවට පත්වෙමු.
මෙම සයිබර් ප්‍රහාරය සිදුකල
Tamil Eelam
Cyber Force –
TECF නම් කණ්ඩායම විසින්
ඉදිරි දින කිහිපයේදීත් සයිබර් ප්‍රහාර
එල්ල කිරීමේ හැකියාවක් පවතින
බව අප ශ්‍රී ලංකා තොරතුරු
තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.