29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඊශ්‍රායෙල් හා පලස්තීන ගැටුම ගැන ලංකා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවල ප්‍රකාශය.

ඊශ්‍රායෙල් හා පලස්තීන ගැටුම ගැන ලංකා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවල ප්‍රකාශය.

ජෙරුසලමේ පලස්තීනුවන්ට එරෙහිව එල්ල කරන ලද ඊශ්‍රායල් ආක්‍රමණය මෙන්ම ගාසා තීරයට දිගින් දිගටම එල්ල වූ මිලිටරි බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පලස්තීන ළමුන් ඇතුළු සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීම හා තවත් සිය ගණනකට තුවාල සිදුකිරීම, ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි ලෙස හා නිසැකවම හෙළා දකී.

අඛණ්ඩව දශක ගණනාවක් තිස්සේ, ඊශ්‍රායලය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ, අධිරාජ්‍යවාදී බලවේගයන්ගේ පූර්ණ සහාය සහ අනුබලය ඇතිවය. මෙම උල්ලංඝනයන් අවසානයකට ගෙන ඒමට හෝ ඒවා හෙළා දැකීමට ජාත්‍යන්තර ආයතනවල කිසිදු අර්ථවත් මැදිහත්වීමකින් මෙතෙක් සිදුවන බවක්ද නොපෙනේ.

ඉහත ක්‍රියාමාර්ග ජෙරුසලමේ පලස්තීනුවන්ගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කරනවා පමණක් නොව, අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවල විස්තර කර ඇති ජෙරුසලමේ ජාත්‍යන්තර තත්ත්වය ද උල්ලංඝනය කිරීමකි. එය එක්සත් ජනපද පරිපාලනය විසින් මුළුමනින්ම අනුමත කරන ලද සහ යුරෝපා සංගමය විසින් ඉවසා සිටින ජෙරුසලම් නගරය යුදෙව්කරණය කිරීම සඳහා ඊශ්‍රායලය දරන උත්සාහයේ අඛණ්ඩතාවයයි. එසේ ක්‍රියාත්මක වන්නේ ජෙරුසලමේ පලස්තීනුවන් පලවාහරින “ජනවාර්ගික පිරිසිදු කිරීමේ” සහ “ඉඩම් කොල්ලකෑමේ” පලස්තීන විරෝධී “වර්ණභේදවාදී පන්නයේ” ප්‍රතිපත්තියකි.

පිළිගත් ජාත්‍යන්තර සම්මතයන් උල්ලංඝනය කරමින්, ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානවල කාර්යාල සංකීර්ණයට බෝම්බ දමා විනාශ කර දැමීම කලාපයේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ ලෝකයට තොරතුරු ලැබීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස පෙනී යයි.

ලංකා සමාජ සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඉල්ලා සිටින්නේ ගාසා තීරයට බෝම්බ හෙලීම හා ගාසා තීරයට එරෙහි සම්බාධක වහාම නතර කිරීම,අල් අක්සා මුස්ලිම් පල්ලිය සහ අනෙකුත් සියලුම ශුද්ධ ස්ථානවල, පලස්තීනුවන්ට තම අයිතිවාසිකම් අනුව ක්‍රියා කිරීමට එරෙහි ප්‍රහාර සහ උල්ලංඝනයන් අවසන් කිරීම,නැගෙනහිර ජෙරුසලමේ පලස්තීන පදිංචිකරුවන්ට ඊශ්‍රායල් බලධාරීන් සහ පදිංචිකරුවන් විසින් එල්ල කරන නොනවතින ප්‍රහාර සහ බිය ගැන්වීම්, එනම් පලස්තීනුවන් පලවාහැරීමේ ව්‍යාපාරයක කොටසක් ලෙස ෂෙයික්-ජරා ප්‍රදේශයෙන් පලස්තීන පවුල් ඉවත් කිරීමට ගන්නා උත්සාහයන් නැවැත්වීම,පලස්තීනය යටත් කරගෙන සිටීම අවසන් කිරීමට සහ නැගෙනහිර ජෙරුසලම අගනුවර වූ 1967 ජුනි 4 වන දින වනවිට පිළිගත් දේශසීමා තුළ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට පලස්තීන ජනතාව ගෙන යන සාධාරණ අරගලයට හා අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුව සියලු පලස්තීන සරණාගතයින් සඳහා ආපසු පැමිණීමේ අයිතියටද පූර්ණ හා නොසැලෙන සහයෝගීතාවය පළකිරීම,

ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ලෙස අපි ප්‍රකාශ කරන්නේ, දශක ගණනාවක් තිස්සේ පලස්තීන ජනතාවගේ සාධාරණ ප්‍රතිරෝධය සහ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය සඳහා වන ඔවුන්ගේ නීත්‍යානුකූල ඉල්ලීම් වෙනුවෙන් අපි සැමවිටම පෙනී සිටින බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments