කෝවිඩ් හේතුවෙන් රටත් ජනතාවත් දැඩි අර්බුදයකට පත්වෙලා එය රජය විසින් ගන්නා තීන්දු තීරණ නිසා මේ තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතු යැයි විපක්ෂනායක කාර්යාලයේ (18) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද කීය………කෝවිඩ් පලමු රැල්ල හා දෙවන රැල්ලේ දී විපක්ෂයේ හා සෞඛ්‍ය අංශ ලබා දුන් තීන්දු යම් දුරකට පිලිගත් නිසා අවධානම අඩු වුනා නමුත් දැන් නැවත තුන්වැනි රැල්ලක් ඇවිත් එයට විද්‍යානුකූලව වෛද්‍ය අංශ අදහස් දක්වනවා එය කෝවිඩ් පාලනය සදහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන නමුත් ආණ්ඩුව එය පිලිගන්නේ නැහැ විපක්ෂනායක වරයා මේ වෙනුවෙන් මෙ පිලිබදව දැනුවත් කරාම සෞඛ්‍ය ඇමති අතුළු ආණ්ඩුව විහිළු කරා නමුත් අද ඒවා ඇත්ත වෙලා තිබෙනවා පලමු රැල්ල විපක්ෂයේ හඩ නිසා පාලනය කිරීමට හැකි වුනා නමුත් ආණ්ඩුවට තිබුණේ දේශපාලන න්‍යාය පත්‍රයක් ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරේ නැහැ පසුව 20 සංශෝධනය නිසා දෙවැනි රැල්ලක් නිර්මාණය වෙලා රටත් ජාතියත් අර්බුදයට මුහුණ දුන්නා එහිදී රටේ විදවත් අය නව වෛරස ප්‍රභේද රටතුළ ඇති බව දැනුම් දුන්නා එහිදී ඉන්දියාවේ ප්‍රභේද බ්‍රිතාන්‍යයේ ප්‍රභේද ඇති බව කිව්වා නමුත් රජය තේරුම් ගත්තේ නැහැ තුන්වැනි රැල්ල ප්‍රබල ලෙස අවධානම් වෙලා ඒ හේතුවෙන් රෝහල් පද්දතිය කඩා වැටිලා ICU ඇදන් ප්‍රමාණවත් නැහැ ආණ්ඩුව පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩු කරා එසේ පරීක්ෂණ අඩු කර රෝගින් අඩුලෙස පෙන්වනවා එම නිසා තමයි අද අර්බුදයකට මුහුණ දෙන්නේ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අනුවයි රෝගින් ප්‍රමාණය පෙන්වන්නේ විශ්වාස කරනවා ඊට වඩා රෝගින් සිටින බව .
විපක්ෂය දිගින් දිගටම පෙන්වා දුන්නා අවධානම ගැන නමුත් ආණ්ඩුව පියවර ගෙන නැහැ ඉටුකම අරමුදලට රාජ්‍ය සෙවකයින් ඇතුළු ව්‍යාපාරිකයන් මුදල් පරිත්‍යාග කරා එහි බිලියන 17කට ආසන්න මුදල් අරමුදලට ලැබුණා නමුත් අද එම අරමුදල් වලට මොනවද කරන්නේ බරපතළ සැකයක් ඇතිවෙලා දැන් කියනවා ගිලන් රථ වලට මිලියන 194ක් කියලා එය පිලිගන්න බැහැ මේ ආණ්ඩුව මීට පෙරත් මෙවැනි ගනුදෙනු කර ආකාරය අපි දන්නවා මෙම අරමුදලේ පීසීආර් පරීක්ෂණ වලට අඩු මුදලක් වෙන් කර තිබෙන්නේ ප්‍රචාරක කටයුතු කියලා මිලියන 67ක් වියදම් වශයෙන් කියනවා එය පිලිගන්න බැහැ අරමුදල් වියදම් කර අකාරය ගැන විනිවිද බාවයක් නැහැ .
දැනට වසර දෙකකට පෙර තමයි ආණ්ඩුව කිව්වේ වියත්මග සමග යහපත් රටක් හදනව කියලා නමුත් මේ වනවිට කොපමණ මුදලක් ගසා කාලා තිබෙනවා ද ආණ්ඩුව කොරෝනා එකෙන් ගසා කනවා මැදපෙරදිග විදෙස් ශ්‍රමිකයන්ගෙන් ගසා කනවා ගුවන්ටිකටි පත් වලින් ගසා කනවා ගිලන්රථ වලින් ගසා කනවා සීනි පොල්තෙල් මේ සියල්ලෙන්ම ආණ්ඩුව ගසා කනවා ජනතාව මීට වසර දෙකකට පෙර බලාපොරොත්තු වුණේ යහපත් රටක් අද එම බලාපොරොත්තු පුස්සක් බවට පත්වෙලා .කොරෝනා පාලනය කරගන්න ආණ්ඩුවට බැරි වෙලා එයට නිසි වැඩපිළිවෙළක් නැහැ පීසීආර් පරීක්ෂණ වාර්තා එන්න සති දෙක්ක ගතවෙනවා ඒ දක්වා එම අය නිරෝධානය කරන වැඩපිළිවෙළක් නැහැ .ඇමතිනිය කියනවා නිවෙස් වල ප්‍රතිකාර ලබා ගන්න කියලා එහිදී රෝගින් ට ඇතිවෙන අවධානමට පියවර ගන්නේ කොහොමද අද ගිලන් රථ හිගයක් රටපුරා තිබෙනවා රටේ සෞඛ්‍ය අංශ දිගටම කිව්වා රට හුදකලා කරන්න කියලා නමුත් කරේ නැහැ රජය කියනවා රට වහලා ආර්ථිකය ගොඩ ගන්න බැහැ කියලා නමුත් අද තත්ත්වය භායානක තත්ත්වයට පත්වෙලා .ආණ්ඩුවට මේ වෙනුවෙන් දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙන්නේ ආණ්ඩුව වුවමනාවක් නැහැ ජනතාව ආරක්ෂා කරන්න .
අද පාර්ලිමේන්තුව කැදවනවා එය ජනතාව වෙනුවෙන් නෙමෙයි චීන ආණ්ඩුව සතුටු කරන්නයි ආණ්ඩුව අවශ්‍ය වරාය නගර පනත සම්මත කරගන්නයි විපක්ෂයේ මතයට ශේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තබෙනවා එහිදී අපේ මතය සාධාරණ බව පේනවා .
ජනාධිපතිතුමා විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශ කර ගැසට් ගහනවා නමුත් එව ක්‍රියාත්මක වන්නේ නැහැ ඒවා හකුල ගන්න සිදුවෙලා ක්‍රියාත්මක වුනේ ගජමිතුරුන්ට මුදල් ගසා කන්න හැකි වුනු සීනි බදු ගැසට් එක හා පොල්තෙල් ගැසට් පමණයි විෂ පොල්තෙල් ආනයන වෙනුවෙන් ජනාධිපතිතුමා ෆාම් ඔයිල් තහනම් කරනවා එය සාධාරණ නැහැ එය විකල්පයක් නොවෙයි .
මේ වනවිට රජය රසායනික පොහොර තහනම් කරලා කිසිම අවබෝධයක් නැතුව ගත් තීරණයක් මෙ හේතුවෙන් තේ කර්මාන්තය ඇතුළු එළවළු වගාවල අස්වැන්න අඩු වෙනවා රජයට ඩොලර් හිග නිසා ලබා ගත් තීරණයක් මේ හේතුවෙන් තේ කර්මාන්තය බිද වැටිලා මේ සියල්ලටම ජනාධිපතිතුමා වගකිවයුතුයි .