වැලිගම කපුවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානාධිපති අතිපූජ්යූ තිත්තගල්ලේ දේවානන්ද මාහිමියන් වෙත අමානුෂිකව පහර දී ඔත්පල කර රෝහල් ගතව සිට සති දෙකකට පසුව අපවත් වූ පුවත මාධ්‍යමය මගින් ලංකාවටම අනාවරණය වී අවසානය. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන මෙම වෙසක් සමයේ අසන්නට ලැබුණු මෙම සෝචණීය පුවත සාමාන්යත සිදුවීමක් ලෙස බැහැර කිරීමට අපහසුය.
කවරදාවත්ම සිදු නොවුණු ලෙස සිදුවෙමින් පවතින මෙම සංඝ පීතෘ ඝාතන රැල්ල දෙවෙනි වන්නේ එල්.ටී.ටී. ත්රමස්තවාදීන්ගේ අරන්තලා භික්ෂූ ඝාතනයට පමණි. මීට මාස කිහිපයකට පෙර පැහැරගෙන ගොස් පහරදී දේපොළ ඉල්ලා ඝාතනය කළ උඩුවිල ස්වාමින් වහන්සේගේ අපවත් කිරීම, ඇල්පිටිය ප්ර්දේශයේ ස්වාමින් වහන්සේ නමක් දුම්රියට පැන දිවි නසා ගැනීම, පොල්ගස්දූව ආරණ්යප සේනාසනයේ විසූ යෝගාවචර විදේශීය භික්ෂූන් වහන්සේ නමක් සාහසික ලෙස දියේ ගිල්වා ඝාතනය කිරීමට පසුව සිදු වූ මෙම දේවානන්ද මා හිමි පහර දී ඝාතනය කිරීම නොනවතින මහා සංඝ ඝාතන රැල්ලේ තවත් එක් අවස්ථාවකි.
පසුගිය අප රජය සමයේ යම් චෝදනාවකට භික්ෂූන් වහන්සේ නමක් නීතියට අනුව සිරගත කළහොත් හෝ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළහොත් ඒ වෙනුවෙන් රට දෙවනත් කරන බොදු බල ඇණි මෙම සාහසික විපත් වලදී නිශ්ශබ්දව සිටීම ප්ර්හේළිකාවකි. අසූ නව (89) හැවිරිදි දේවානන්ද මාහිමියන් වයෝවෘද්ධ හිමි නමකි. උන්වහන්සේ සිය ආවාස ගෘහයෙන් ඇදගෙන අවුත් පහරදී නිරුවත් කර ඇල්බීසියා පොල්ලක් කැඩෙනතුරු යළිත් පහරදී ඔත්පල කළ පුවත ඇසින් දුටුවෝ පවසත්.
මෙවැනි වයෝවෘද්ධ හිමි නමකට ඇල්බීසියා පොල්ලක් කැඩෙනතුරු පහරදීමට තබා ඉරටුවකින් හෝ තැලීම වයෝවෘද්ධ ශරීරයකට ඉවසුම් නොදේ. පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙසේ සිදු කළ මෙම තුච්ඡා මිලේච්ඡ ක්රියයාවට මුල් වූ අයගෙන් තවමත් පොලීසිය විසින් අල්ලාගෙන ඇත්තේ දෙදෙනෙකි. පහර දී සති දෙකක් ගත වී ගියත් ඉතිරි තිදෙනා සොයා ගැනීමට පොලීසිය සමත් වී නැත. ඔවුනට සුවිශේෂී අයගේ රැකවරණය ලැබෙනවාද යන්න ප්රශ්නයකි. මොවුන් තිදෙනා තවමත් අත් අඩංගුවට ගැනීමට අපහසු වී ඇත්තේ ඇයිදැයි සොයා බැලිය යුතුය.
මෙම පහරදීද වෙනත් ආගමික හෝ ජාතිවාදී කල්ලියකින් වූවා නම් සිංහල බෞද්ධයනි පාරට බසිව්කියන පිරිස් සිටියත් මෙම පහත් සංවේගදායි මිලේච්ඡ සංඝ ඝාතනයේදී එය සිදු වීමක් පමණක් යැයි සිතා යටපත් කිරීම මෙවැනි මෘග පිරිස් තව තවත් පෝෂණය වීමට හේතුවක් වනු ඇත.
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමට බැඳී ඇති රජයේ අවධානය මේ කෙරෙහි යොමු කිරීම ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමකි. මෙම ක්‍රියාව ආදර්ශයට ගනු ලබන පහත් අධම පිරිස් සමාජය තුළ තවත් සිටියහොත් තව කොපමණ හිමිවරු ප්‍රමාණයක් අනාගතයේදී අප විහාරස්ථාන තුළ මෙලෙස ඝාතනය වේදැයි අපට කිව නොහැක.
එබැවින් සම්බුද්ධ ශාසනය පෝෂණය කරන අප ගරුතර ස්වාමින් වහන්සේලාට පොදුවේ සිදු වූ මැර ප්‍රහාරයක් ලෙස මෙම මිලේච්ඡ ප්රහාරයහා ඝාතනය එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකිමු.
මෙම තිරිසන් පහත් අධම ක්‍රියාව සිදු කළ පිරිස සම්පූර්ණයෙන්ම අල්වාගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුව ඇත. එසේ නොවන්නේ නම් ඉදිරි අනාගතය අප සම්බුදු සසුනට ඉතා අන්තරාකාරී යුගයක් බවට පත්වෙනු නියතය. අපවත් වී වදාල අතිගරු පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද මාහිමියන්ට අමරණීය වූ නිවන් සුවය පතනවා.
තිත්තගල්ලේ දේවානන්ද මාහිමි ඝාතනය තරයේ හෙළා දකිමු. එ.ජා.ප.සභාපති
RELATED ARTICLES