29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිමකළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි අගමැති ඉල්ලයි.

අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිමකළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි අගමැති ඉල්ලයි.

අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිමකළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02 පැවති නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ දී දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාව වෙත යොමු කරණු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකරන අතරවාරයේ අග්‍රාමාත්‍යතුමා, අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දුන්නේය.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනතෙහි සංශෝධන කෙටුම්පත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් මෙහි දී උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළේය.

ගාල්ල සහ දිවුලපිටිය ප්‍රදේශයේ වතු ආශ්‍රිතව පවතින පැල්පත් නිවාස පිළිබඳව හෙළි කරමින් මන්ත්‍රීවරුන් පෙන්වාදුන් අදහස්වලට අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානවලට නිවාස යෝජනා ව්‍යාපෘතී සැළසුම් කරන්නැයි අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට උපදේශන කාරක සභාව නියෝජනය කරන  රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ප්‍රේමනාත් සී දොලවත්ත, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කෝකිලා ගුණවර්ධන මහත්ම මහත්මීන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments