ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබේ.මෙය රැජිනගේ කීරීටයෙන් නිදහස්වු දිනය ලෙස සැළකේ.
බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. මෙය හිටපු කෘතහස්ත දේශපාලඥයකුවු ලංකා සමසමාජ පක්ෂයේ නායකයකුවු කොල්වින් ආර් ද සිල්වා මහතා පෙරමුණ අරගෙන සකස් කළ ව්‍යවස්ථාවක් ලෙසද සඳහන්වේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය හැඳින්වෙන අතර මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් එය සැලකෙයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ජනරජ දිනයට හිමිවිය යුතු නිසි ගෞරවය මෙතෙක් මෙරට සමාජය තුළ දී හිමි නොවන බව හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා පවසයි.