25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අධිකරණවෙත පැමිණෙන ජනතාවගේ හා නීතිඥවරුන්ගේ ආරක්ෂාවට සෞඛ්‍යාරක්ෂක උපකරණ.

අධිකරණවෙත පැමිණෙන ජනතාවගේ හා නීතිඥවරුන්ගේ ආරක්ෂාවට සෞඛ්‍යාරක්ෂක උපකරණ.

වර්තමානයේ ඇතිවි තිබෙන කොවිඩ්19 වසංගත තත්ත්වය හමුවේ දිවයින පුරා අධිකරණවල කටයුතු කරනු ලබන නීතිඥවරුන්ගේ හා අධිකරණ කටයුතු සඳහා පැමිණෙන මහ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය සෞඛ්‍යාරාක්ෂිත උපකරණ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

එහි පළමු පියවර වශයෙන් එම ද්‍රව්‍ය අධිකරණ වෙත ලබාදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත භාරදීම අධිකරණ ඇමැති ජනාධිපති අල්සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජිව් අමරසූරිය යනමහත්වරුද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments