29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පුත්තලම නගරාධිපතිගේ මරණයට තිදෙනකු අත්අඩංගුවට.

පුත්තලම නගරාධිපතිගේ මරණයට තිදෙනකු අත්අඩංගුවට.

නියෝජ්‍ය ඇමතිවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පුත්තලම නගරාධිපතිව සිටි හදිසි අනතුරකින් මිය ගිය කේ.ඒ.බායිස් මහතාගේ මරණය සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් පුත්තලම පොලීසිය කියයි.

වනාතවිල්ළුව රාල්මඩුව ප්‍රදේශයේ පිහිටි නගරාධිපතිවරයාට අයත් පුද්ගලික ඉඩමට ගොස් පුත්තලම නිවසට එන අතරතුර එළුවම්කුලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි වාර්තා වෙයි.

ඔහු පැමිණි පුත්තලම නගර සභාවට අයත් නිළ කැබ් රථයේ පිටුපස (තට්ටුවේ) වාඩිවී ගමන් කර ඇති ඇති බායිස් මහතා කැබ්රථය අතුරු මාර්ගයෙන් පුත්තලම එළුවන්කුලම මාර්ගයට පිවිසෙන අවස්ථාවේ බිමට වැටී මුහුණ වැදී තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇති බව දැනට කරණ ලද විමර්ශණ වලදී ආණාවර්ණය වී ඇතැයි පොලිසිය පවසයි.

මේ සම්බන්ධව කැබ් රථයේ රියදුරු හා ඔහු සමග ගමන් කළ තවත් දෙදෙනකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගත් කැබ් රථය පුත්තලම පොලිස් බාරයට ගෙන ඇත.

තුන්වතාවක්ම පුත්තලම නගරාධිපති ලෙස් කටයතු කල ඒ මහතා මිය යන විට 52 දෙවන වියේ පසුවූ තිදෙරු පියෙකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශණ සදහා වනාතවිල්ළුව පොලීසයට බාර දුන් බව පුත්තලම පොලිසිය කියයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments