21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට ජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ව ක්‍රියාකළ යුතුයි - තරුණ හා...

කොවිඩ් ව්‍යාප්තිය පාලනයට ජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ව ක්‍රියාකළ යුතුයි – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට මේ රටේ ජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ව කටයුතු කළ යුතු බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (23) දින පැවසීය.

සංචරණ සීමා හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින ජනතාවගේ සුව දුක් සොයා බැලීමට නිරීක්ෂණ චාරිකා කිහිපයක නිරත වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වනාතමුල්ල නිවාස සංකීර්ණයේ දී මෙම අදහස් පළ කළේය.

මුවදොර උයන ග්‍රෑන්පාස් නිවාස සංකීර්ණය, මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණය, මෝදර සත්හිරු සෙවණ නිවාස සංකීර්ණය, මාළිගාවත්ත සත්සෙත සෙවණ නිවාස සංකීර්ණය සහ බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ මෙලෙස අමාත්‍යතුමා නිරීක්ෂණ චාරිකාවල නිරත වූයේය.

අදාළ නිවාස සංකීර්ණවලට ගිය අමාත්‍යතුමා එම නිවැසියන් සමඟ සුහඳ කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු හඳුනාගත් අතර වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක් ද සංකේතාත්මකව ආරම්භ කළේය.

මෙම මහල් නිවාස සංකීර්ණවල පවතින සනීපාරක්ෂක හා යටිතල පහසුකම් සංවර්ධනය කර දෙන ලෙසත් රැකියා සහ ආදායම් මාර්ග අඩාල වීම හේතුවෙන් රජයට මාසිකව ගෙවිය යුතු කුලී මුදල් සම්බන්ධ සහනයක් ලබා දෙන ලෙසත් නිවැසියෝ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කොට ඒ සඳහා සුදුසු විසඳුමක් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පළ කළ අදහස් මෙසේය.

සංචරණ සීමා තුළදී නිවෙස්වල රැඳීසිටින ජනතාව මුහුණ පාන ගැටලු සහ ඒ සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යම්  අවබෝධයක් ලබාගැනීමට නම් අපි ඒ ජනතාව සමඟ කතාබහ කළ යුතුයි. ඔවුන් සමඟ සම්බන්ධවී පවතින තත්ත්වය පිළීබඳ ඔවුන් දැනුවත් කිරීමත් කළ යුතු වෙනවා.

කොරෝනා වසංගතය ලෝකයම මුහුණදෙන වසංගත තත්ත්වයක්  මිස අපේ රටට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. කුඩා ආර්ථීකයක් තිබෙන රටවල් සමඟ එක්ව මෙම වසංගතය පාලනය කිරීමට එක්වන්නැයි ආසියාතික රටවලට සහ ලෝක බලවතුන්ට අතිගරු ජනාධිපතිතුමා පසුගියදා ආරාධනා කරනු ලැබුවා.

රටක් ලෙස අපි ඉතාමත් සාර්ථකව මෙම කොරෝනා තත්ත්වය පාලනය කර තිබෙනවා. කොරෝනා යුද්ධය පාලනය කිරීම හා ආර්ථීක යුද්ධය ජයග්‍රහණය කිරීම සම්බන්ධව රටක් ලෙස අපි පැහැදිලි ස්ථාවරයක සිටිනවා.

කොවිඩ් -19 එන්නත්කරණය අතින් ද ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස අපේ රට හඳුන්වාදිය හැකියැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු  නිලධාරී පිරිසක් සභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments