එන්නත් ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 200ක අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න රජය අපොහොසත් වුනා. නියමිත වේලාවට සුදුසු පියවර නොගෙන ක්‍රියා නොකිරීම නිසා අනිසි ප්‍රතිවිපාක අද සමස්ත මහජනතාවට විඳින්න සිදු වෙලා තිබෙනවා. පළවෙනි රැල්ලෙන් අවසන් වෙනකොට නෑ නෑ අපට දැන් කෝවිඩ් ඉවරයි පවසමින් සිටියා. අයි.සී.යූ. ඇඳන් වැඩිකරගන්නා ලෙසත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කර ගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන විට කමක් නැහැ පස්සෙ ගන්න පුළුවන් කල් තිබෙනවා කියා රජය ඒ කටයුතු කල් හරිමින් සිටියා.
එහෙම වැදගත් නිවේදනයක් ලැබුණම ඒ පිළිබඳ අවධානය ලබා දිය යුතුව තිබෙනවා. දැන් බලන්න ගාල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය අන්තිම නරක තත්ත්වයකට පැමිණ තිබෙනවා. මේ තත්ත්වය මෙසේ සිදුවන බව දැනනෙ තමයි අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා පවසා තිබුණේ වහාම රට සති දෙකකට වසා දමන්න කියලා. එය කිසිම ගණනකට ගත්තෙ නැහැ.
එතකොට අද ඒ නියමිත තීරණ නොගෙනීම නිසා බරපතල ඛේදනීය තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ 30,000 ආසන්න ප්‍රමාණයක් සේවය කරනවා. ඒ වැඩ කරන සේවක සේවිකාවන්ගේ ජීවිත ඉතාම අවදානමක තිබෙන්වෙ. මේ තත්ත්වය කඩිනමින් වෙනස් කිරීමට රජය ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා.සියලු දෙනා සමග සාකච්ඡා කරලා වැදගත් තීන්දු තීරණ නොගතහොත් මුළු මහත් ලාංකික මහජනතාව දැඩි අසීරුතාවයකට පත් වෙනවා.
ප්‍රශ්නය 1 :
දැන් කෙසේ හෝ පෝර්ට් සිටි පනත සම්මත කර ගැනීමත් සිදු වෙලා තියෙනවා. නමුත් කෝවිඩ් මර්දනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කිසිම අන පනතක් සම්මත කර ගන්න බවක් පෙන්න නැහැ.
පිළිතුර :
මේ පිළිබඳ රජය ලජ්ජාවට පත් විය යුතුයි. මහජනතාව ආරක්ෂා කිරීම සඳහා එක පනතක්, එක පිටුවක්, එක වගන්තියක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි වුන ආණ්ඩුවක්. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ඉදිරිපත් කරලා තිබෙන්නේ ජනාධිපති නීතීඥ සුමන්තිරන් මැතිතුමා පමණයි. මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවස්ථා ගණනාවකම ප්‍රකාශ කර තිබුණා.
මහජන ආරක්ෂාව සඳහා දිවා රෑ වෙහෙසිලා, කල්පනා කරලා ලෝකයට ගැලපෙන පරිදි නව ක්‍රමවේද සකස් කළ යුතුව තිබෙනවා. අපේ රටේ කොරොන්ටයින් ක්‍රමවේදය පවා අවුරුදු 150 ක් පරණයි.
ලෝකයේ මේ සඳහා නීති රීති පද්ධති වෙනස් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අසුන්ගෙන අදාල අන පනත් සම්මත කරගෙන තිබෙනවා. මහජන ආරක්ෂාව සඳහා තිබෙන මුදල් රෙගුලාසි, ආර්ථික ප්‍රතිපත්ති, සෞඛ්‍ය ප්‍රතිපත්ති කිසිවක් වෙනස් කරලා නැහැ. මේ රජය ඉෂ්ඨ කරලා නෑ. ඒවායේ හානිය මහජනතාව ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා තිබනෙවා.
බලන්න මේ එක පවුලක එක්කෙනෙක් දෙන්නෙක් මැරුණම ඒ පවුල සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා.යුද්ධයෙන් උතුරෙත් දකුණෙත් පවුල් විශාල ප්‍රමාණයක් අනාථ වුන රටකට දැන් මේ කොරෝනා ව්‍යාසනයෙන් සිදු කරන බලපෑමඉතාම බරපතලයි.
ප්‍රශ්නය 2 :
මේ පෝර්ට් සිටි පනත සම්මත කරගන්නට ආණ්ඩුවට කටයුතු ටික කරගන්න පුළුවන් වුනේඒ සඳහා විරුද්ධ වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුන නිසාද?
පිළිතුර :
අපි එක හෙළාම අපේ අපේ මතය ප්‍රකාශ කළා මෙය සම්මත කරන්න එපා. කියලා. සියලු දෙනා එකතුවෙලා සාකච්ඡා පවත්වලා එකඟතාවය මත රටට හානි දායක නොවන ආකාරයට කරන්න කියලයි අපි කිව්වෙ. ඔය සම්මත කරපු පනත සත පහකට වැඩක් නෑ. අයෝජකයෙකුත් නෑ .චීනෙට වැඩකුත් නෑ ලංකාවට වැඩකුත් නෑ එච්චරයි මට කියන්න තිබෙන්නේ.
ප්‍රශ්නය 3:
ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වලට පවසා තිබෙනවා මාධ්‍ය සඳහා තොරතුරු ලබා දෙන්න එපා. මේ වගේ මාධ්‍ය මර්ධන ක්‍රියාවලියකින් පුළුවන්ද කෝවිඩ් සඳහා විසඳුමක් ලබා දෙන්න?
පිළිතුර :
මේ වගේ අවස්ථාවක මහජනතාවට, රාජ්‍ය සේවකයාට අවස්ථාව තිබිය යුතුයි සත්‍ය දැනගන්න සහ ඒ පිළිබඳ වාර්ථා කරන්න. එය පාලනය කරලා මේ ආකාරයට සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසන් කරන්නහදනවා නම් ඒක අතිශයින්ම භයානක තත්ත්වයක්.
ඒ නිසා අපි දිගින් දිගටම කියනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාට අපගේත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේත් ආචාරය හිම විය යුතුයි කියලා. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රිවිද හමුදාව ඇතුළු සියලු දෙනා විශාල කැප කිරීමක් කරමින් සිටිනවා. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණයේ සිටින අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරින් සහ සහය ලබා දෙන අනෙකුත් පිරිස් විඩාවකට පත් වෙලා ඉන්නේ මේ සම්බන්ධයෙන් අවුරද්දකට වැඩි කාලයක් තිස්සේ.
අපි ගංවතුරක්, නියඟයක් ආවත් ඔවුන් පිටට බර පැන පටවනවා. ඒ සඳහා ගෙවීමක් කරලා ඔවුන්ව දිරිමත් කරනවා.
ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කිව්වේ කෝවිඩ් ක්‍රියාදාමයේ ඉදිරියෙන් කටයුතු කරන සියළු දෙනාට රුපියල් 25000ක දිරිගැන්වීම සඳහා දීමනාවක් ලබා දෙන්න කියලා.
ඒ වගේම කෝවිඩ් වසංගතය හේතුවෙන් මිය යන රාජ්‍ය යාන්ත්‍රණයේ සියළු දෙනාට අනුන්ගේ ජීවිත රකින්න ගිහින් තමන්ගෙ ජීවිතය පූජා කරන නිසා ඔවුනට රුපියල් ලක්ෂ 50 ක රක්ෂණාවරණයක් දෙන්න ඕන කියලත් අපි පවසා සිටියා.
ඊට අමතරව කෝවිඩ් නිසා මිය යන මහජනතාව වෙනුවෙන් ලක්ෂ 25 මුදලක් හෝ ඒ පවුල් සඳහා ලබා දෙන්න කටයුතු සලසන්න කියලත් අපි තවදුරටත් එක්සත් ජාතික පක්ෂය හැටියට කියා සිටිනවා.
නමුත් අපට පේනවා ඒ සම්බන්ධව රජයේ කිසිම අදහසක් නැහැ. විශේෂණයෙන් අපි ඉල්ලා සිටිනවා රාජ්‍ය යාන්ත්‍රණයෙන්, වෘත්තිය සමිති නියෝජිතයින්ගෙන් සහමහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු සංගම් එකතු වෙලා මේ සඳහා හඬ නැගිය යුතුයි කියලා අපි මතක් කරන්න කැමතියි.