21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් මරණ තහවුරු කිරීම සඳහා චක්‍රලේඛයක්.

කොවිඩ් මරණ තහවුරු කිරීම සඳහා චක්‍රලේඛයක්.

පුද්ගල මරණයක්, කොවිඩ් අසාදිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සියලුම වෛද්‍යවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකු බවට තහවුරු කිරීම සඳහා එම චක්‍රලේඛය මගින් වෛද්‍යවරුන් අනුගමනය කළ යුතු නිර්ණායක හඳුන්වා දී ඇත.

යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් -19 රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බවට සායනිකව තහවුරු කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු බව එම නිර්ණායකවලට ඇතුළත් වේ.

දීර්ඝ කාලීනව රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු මරණයට පත්වූ අවස්ථාවේදී ඔහු කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණ ද එම මරණ වෙනමම ගණනය කර ඔහුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොවිඩ් -19 ආසාදනයවීම අදාළ මරණයට ප්‍රධානතම හේතුව බවට සාක්ෂි ඇත්නම් පමණක් එය කොවිඩ් -19 ආසාදිත මරණයක් ලෙස තහවුරු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද අනුගමනය කළ යුතු අතර මරණ සහතිකය සටහන් කිරීමේදී එය කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට සටහන් කිරීම අනිවාර්ය කර තිබේ.

යම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයේදී අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත්ත ද එම මරණයට ප්‍රධානතම හේතුව කොවිඩ් -19 ආසාදනයවීම බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ගැනීම පිළිබඳව නිශ්චිතව මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් කිරීම සිදුකළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments