කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තැබුවා. පෙරවරු 11.20ට කතානායකවරයා සිය සහතිකය සටහන් කළ බව කතානායක කාර්යාලය නිවේදනය කළා. මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනත අද සිට බලාත්මක වනවා