අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. ජනාධිපතිවරයා එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේයි.
අදාළ එම ගැසට් නිවේදනයට අනුව, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටුකරනු ලබන සියලුම සේවාවන් හා තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙසයි නම් කර ඇත්තේ.
මේ අතර සෞඛ්‍ය සේවයට අදාළව ඉටු කළ යුතු වන්නාවූ හෝ අවශ්‍ය වන්නාවූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය ද අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කර තිබෙනවා.
ඒ අනුව
දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.